
‘කොවිඩ් 19’ ආරම්භය සිදුවුණු චීනයේ වූහාන් නුවරින් යළිත් වරක් ‘වයිරස නිව්මෝනියා’ රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවත්, මෙසේ ‘වයිරස නිව්මෝනියා’ රෝගීන් වූහාන් නුවරින් වාර්තා වූයේ වසර දෙකකට පසුව බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘කොවිඩ් 19‘ වයිරසය ආසාදනය වූ විට එහි බලපෑම එල්ල වන්නේ ස්වසන පද්ධතියට වන අතර, බොහෝ දෙනකු මියයන්නේ නිව්මෝනියාවෙනි. 2019 දෙසැම්බරයේ වූහාන් නුවර සිය ගණනක් වැසියන් මියයෑම සිදුවූයේ මෙසේ වයිරස නිව්මෝනියා තත්ත්වය හේතුවෙනි.
අලුතින් හමුවන නිව්මෝනියා රෝගීන් කොරෝනා ආසාදිතයන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත. වූහාන් සේඛ්‍ය බලධාරීන් එම රෝගීන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd