
බ්‍රසීලයේ අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නමුත්, තමන් කිසිම අවස්ථාවක තම දියණියට ‘කොවිඩ් 19’ සඳහා එන්නත් ලබා නොදෙන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරනෝ කියයි.
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ‘කොවිඩ් 19‘ එන්නතට විරෝධය දක්වන එන්නත ප්‍රතික්ෂේප කරන ලෝක නායකයෙකි. බොල්සරානෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සුවය ලැබූවෙකි.
සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ අනුව, බ්‍රසීල සෞඛ්‍ය ඇමැති මාසෙලෝ ක්විරෝගා නිවේදනය කර ඇත්තේ ලබන ජනවාරි 5 වැනිදා සිට බ්‍රසීලයේ අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට කටයුතු කරන බවය.
‘මා මගේ 11 හැවිරිදි දියණියට එන්නත් දෙන්නේ නැහැ. මගේ තීරණය එයයි. දරුවන්ට ‘කොවිඩ් 19’ එන්නත් දීම සුදුසු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. තවමත් මා එන්නත ලබා ගෙන නැහැ. ලබා ගන්නෙත් නැහැ’ යැයි දක්ෂිණාංශික අදහස් ඇති බොල්සරානෝ පැවැසුවේ සැන්ටා කැටරිනා නුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණු අවස්ථාවකදීය.
ඇමෙරිකාවට පසු ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19’ මරණ තවමත් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මගේ දියණියට එන්නත් දෙන්නේ නෑ