ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට N95 මාස්ක් පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.

මෙසේ උපදෙස් දී ඇත්තේ කනැනිකට් ජනපද​යේ සෞඛ්‍ය බලධාරීන් එම ජනපදයේ වැසියන් සඳහාය. මේ වනවිට කනැනිකට් ජනපද​යේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි.

ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් N95 මාස්ක් මිලියන 6 ක් කනැනිකට් වැසියන්ට බෙදා දීමට නියමිත බව පැවැසෙයි.

‘​කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය මෙතෙක් බිහිවුණු දරුණුතම ‘කොවිඩ් 19’ විකෘතියයි. ඊට හේතුව, එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීමය. වේගයෙන් ව්‍යාප්තිය සිදුවුවත් ‘ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් හටගන්නා සංකූලතා අවම බව පැවැසෙයි.

(රොයිටර්)