IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


අගමැති මෝදි ගුවන් පාලමක කොටුවෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළ පන්ජාබ් ගුවන් පාලමක් මත කොටු විය. ඒ, ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ග අවහිර වූ බැවිනි.

අග්‍රාමාත්‍ය මෝදි සිය මෝටර් රථයට වී විනාඩි 20 ක් ගුවන් පාලම මත සිටි බවත්, පොලිසිය සහ ආරක්ෂක අංශ ලහිලහියේ උද්ඝෝෂණයට එක්වුණු ගොවීන් සහ එම ගොවීන්ගේ පවුල්වල සාමාජිකයන් විසුරුවා, අග්‍රාමාත්‍යවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් පසුව වාර්තා විය.

අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ගුවන් පාලම මත සිරවීම, ඔහුගේ ආරක්ෂක අංශවල සිදුවුණු 'බරපතල අඩුපාඩුවක්' නිසා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් බලා ගියේ ෆෙරොසෙපූර් නමැති පළාතේ සංවිධානය කර තිබු උත්සවයකට සහභාගීවීමටය. අග්‍රාමාත්‍යවරයාට සිදුවුණු 'අකරතැබ්බ' හේතුවෙන් එම උත්සවය අවලංගු කෙරුණු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනය කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙසත් පන්ජාබ් ප්‍රාන්ත රජයට ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ඉන්දීය අගමැතිවරයා ෆෙරොසෙපූර් බලා යෑසට නියමිතව සිටියේ හෙලිකොප්ටරයකිනි. කෙසේ නමුත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඔහු මෝටර් රථයෙන් යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය. එය හදිසියේ ගත් තීරණයක් විය.

ගුවන් පාලම මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත්තේ ගොවීන් පිරිසක් ඉදිරියේ මාර්ගය හරස් කරමින්  ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වන්න වූ බැවිනි. ඒ අනුව, මෝදි ගමන් කළ ඔහුගේ රථය අයත් රථ පෙළ වාහන තදබදයට හසුවිය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

අගමැති මෝදි ගුවන් පාලමක කොටුවෙයි

fairoos Thursday, 06 January 2022 12:15 PM

ලංකාවේ සර්ට හූ වලින් සංග්‍රහ කළා වගේ තමයි.

:       38       2

AhmedSaturday, 08 January 2022 11:57 AM

ඔව්..., දෙකම එකම ජාතියේ ගොන් වැඩ දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක හූ කියලා, බැනලා ගොං ආතල් අරන් වැඩක් නෑ. ඒවාට තමයි කතිරේ හරියට පාවිච්චි කරන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site