
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර නොයැව්වත් ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි පාකිස්තානයේ ‘පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස්’ පක්ෂයේ සභාපති ෂබාස් ෂරීෆ් ඉකුත් දා පැවැසීය.
මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර නොයන්නේ නම් ඔවුන් ඉක්මනින් ගෙදර යැවීමට තමන් සූදානම් බවත් ජනතාව ද ඊට ඉක්මනින් සූදානම් වනු ඇති බවත් හෙතෙම කීය.
පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂයේ නායකයන් දෙදෙනකු වන ක්වාජා සාද් රෆීක් සහ ක්වාජා සල්මාන් රෆීක් ගේ පියා වන ක්වාජා රෆීක් අනුස්මරණය කරමින් ලාහෝර් නුවර හෝටලයක පැවැති උත්සවයකට සහභාගී වෙමින් හෙතෙම එම කරුණු සඳහන් කළේ ය.
අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උකස් කර ඇතැයි ද ඔහු චෝදනා කළේ ය.
පාකිස්තානයේ මිලියන ගණනකට රැකියා අහිමි වී ඇතැයි ද රාජ්‍ය සේවය දේශපාලනයට නතු වී ඇතැයි ද සඳහන් කළ සභාපති ෂබාස් ෂරීෆ් ජනතාව මහත් පීඩාවට පත්ව ඇතැයි ද පැවැසීය.
පාකිස්තාන ගුවන් ගමන් බලපත්‍රයට තිබු පිළිගැනීම නැතිව ගොස් ඇතැයි ද පාකිස්තානය ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක්ව ඇතැයි ද ඔහු තවදුරටත් චෝදනා කළේ ය.
කොටස් වෙළෙඳපොළ ද දැවන්ත කඩා වැටීමකට ලක්ව ඇතැයි ද වත්මන් ආණ්ඩුව ආර්ථිකය විනාශ කර ඇතැයි ද ඔහු තවදුරටත් පැවැසීය.
(පාකිස්තාන මාධ්‍ය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd