IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉම්රාන්ගේ ආණ්ඩුව ඉක්මනින් වැටෙනවා

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර නොයැව්වත් ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි පාකිස්තානයේ ‘පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස්’ පක්ෂයේ සභාපති ෂබාස් ෂරීෆ් ඉකුත් දා පැවැසීය.

මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර නොයන්නේ නම් ඔවුන් ඉක්මනින් ගෙදර යැවීමට තමන් සූදානම් බවත් ජනතාව ද ඊට ඉක්මනින් සූදානම් වනු ඇති බවත් හෙතෙම කීය.

පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂයේ නායකයන් දෙදෙනකු වන ක්වාජා සාද් රෆීක් සහ ක්වාජා සල්මාන් රෆීක් ගේ පියා වන ක්වාජා රෆීක් අනුස්මරණය කරමින් ලාහෝර් නුවර හෝටලයක පැවැති උත්සවයකට සහභාගී වෙමින් හෙතෙම එම කරුණු සඳහන් කළේ ය.

අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උකස් කර ඇතැයි ද ඔහු චෝදනා කළේ ය.

පාකිස්තානයේ මිලියන ගණනකට රැකියා අහිමි වී ඇතැයි ද රාජ්‍ය සේවය දේශපාලනයට නතු වී ඇතැයි ද සඳහන් කළ සභාපති ෂබාස් ෂරීෆ් ජනතාව මහත් පීඩාවට පත්ව ඇතැයි ද පැවැසීය.

පාකිස්තාන ගුවන් ගමන් බලපත්‍රයට තිබු පිළිගැනීම නැතිව ගොස් ඇතැයි ද පාකිස්තානය ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක්ව ඇතැයි ද ඔහු තවදුරටත් චෝදනා කළේ ය.

කොටස් වෙළෙඳපොළ ද දැවන්ත කඩා වැටීමකට ලක්ව ඇතැයි ද වත්මන් ආණ්ඩුව ආර්ථිකය විනාශ කර ඇතැයි ද ඔහු තවදුරටත් පැවැසීය.

(පාකිස්තාන මාධ්‍ය)



අදහස් (0)

ඉම්රාන්ගේ ආණ්ඩුව ඉක්මනින් වැටෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 599 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site