වසරකට කලින් ලෝකයට බලපෑම් කළ ‘කොවිඩ් 19‘ වයිරසය සහ එහි විකෘති ප්‍රභේද මෙන් නොව, ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් අසාමාන්‍ය, වේගයෙන් ව්‍යාප්තවන බිහිසුණු විකෘති ප්‍රභේදයක් බවත් එය සුළුවෙන් තැකිය නොහැකි විකෘතියක් බවත් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

විද්‍යාඥයන් මේ බව පැහැදිලි කළේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරමිනි. ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදු කළේ දකුණු අප්‍රිකානු වයිරස විශේෂඥයන්ය.

‘ඇත්ත, ඔමික්‍රෝන් කියන තරම් බිහිසුණු නැහැ. බිහිසුණු නැහැ කියන්නේ මරණයට පත් වීම සහ ආසාදිතයන් බරපතල ලෙස රෝගී වීම අඩු නිසයි. එසේ වුවත් අනෙක් විකෘතිවලට වඩා වේගයෙන් ඔමික්‍රෝන් පැතිරෙනවා. ඒ වගේමයි වසරකට කලින් අප දුටු වයිරස විකෘති මෙන් නොව ඔමික්‍රෝන් බිහිසුණුයි’ යැයි බීබීසී ගුවන් විදුලියේ සාකච්ඡාවකට එක් වෙමින් පැහැදිලි කළේය.

(රොයිටර්)