
චිලී රටේ සැන්ටියේගෝ නුවර බුනිං සත්වෝද්‍යානයේ සිටින දුර්ලභ ගණයේ ක්ෂීරපායීන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව අද (4) සිය ලබා දීම ආරම්භ විය.
චිලී යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. බුනිං සත්වෝද්‍යානයේ සතුන්ට පළමු එන්නත් මාත්‍රාව ලබා දීම සිදුවූයේ පසුගිය දෙසැම්බර් 13 වැනිදාය.
බුනිං සත්වෝද්‍යානයේ සකැපී පෙනෙන සතුන් වන්නේ ‘චාර්ලි’ නමැති බෙංගාලි ව්‍යාඝ්‍රයා සහ සන්ධායි නමැති බෝනියෝ ඔරන් ඌටන්ටය. චාර්ලි වසර 3 ක් වයසැති ව්‍යාඝ්‍රයෙකි. සන්ධායි, 26 හැවිරිදි ඔරන් ඌටන් කෙනෙකි. මොවුන් දෙදෙනාට මුලින්ම දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවිය.
ඊට අමතරව, සිංහයන්, ව්‍යාඝ්‍රයන්, වදුරන්, මුවන් ගෝනුන්, මුගටි විශේෂවලට ද එන්නත් ලබා දුන් බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
සතුන්ට ලබා දෙන්නේ මනුෂ්‍යයන්ට ලබා දෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් නොව, සතුන් වෙනුවෙන් විශේෂයෙන් නිපදවා ඇති, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින එන්නතකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චිලී සත්වෝද්‍යානයේ සතුන්ට දෙවැනි මාත්‍රාව