
චිලී රටේ සැන්ටියේගෝ නුවර බුනිං සත්වෝද්‍යානයේ සිටින දුර්ලභ ගණයේ ක්ෂීරපායීන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව අද (4) සිය ලබා දීම ආරම්භ විය.
චිලී යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. බුනිං සත්වෝද්‍යානයේ සතුන්ට පළමු එන්නත් මාත්‍රාව ලබා දීම සිදුවූයේ පසුගිය දෙසැම්බර් 13 වැනිදාය.
බුනිං සත්වෝද්‍යානයේ සකැපී පෙනෙන සතුන් වන්නේ ‘චාර්ලි’ නමැති බෙංගාලි ව්‍යාඝ්‍රයා සහ සන්ධායි නමැති බෝනියෝ ඔරන් ඌටන්ටය. චාර්ලි වසර 3 ක් වයසැති ව්‍යාඝ්‍රයෙකි. සන්ධායි, 26 හැවිරිදි ඔරන් ඌටන් කෙනෙකි. මොවුන් දෙදෙනාට මුලින්ම දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවිය.
ඊට අමතරව, සිංහයන්, ව්‍යාඝ්‍රයන්, වදුරන්, මුවන් ගෝනුන්, මුගටි විශේෂවලට ද එන්නත් ලබා දුන් බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
සතුන්ට ලබා දෙන්නේ මනුෂ්‍යයන්ට ලබා දෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් නොව, සතුන් වෙනුවෙන් විශේෂයෙන් නිපදවා ඇති, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින එන්නතකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd