IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දිල්ලි මහ ඇමැතිට කොරෝනා

නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනි.

කෙජ්රිවාල් නායකත්වය දෙන්නේ ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂයටය. දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘ආම් ආද්මී’ පක්ෂයයි.

මේ වනවිට ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් යළි වැඩිවීමට පටන්ගෙන ඇත. වැඩිම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ නවදිල්ලි අගනුවරිනි.

නවදිල්ලි අගනුවර රෝහල් ද මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී යමින් පවතින බව වාර්තා වේ. ඉන්දියාවේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉන්දියාව තුළ වැඩිම ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තා වන්නේ ද නවදිල්ලි අගනුවරිනි.

සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් තමන් ‘කොරෝනා’ පරීක්ෂණයකට යොමු වුණු බවත්, එහිදී තමන් ආසාදිතයකු බව තහවුරු වුණු බවත් අරවින්ද් කෙජ්රිවාල් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත.

මහ ඇමැතිවරයාට ඇත්තේ සුළු රෝගී තත්ත්වයක් බවත් ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වුණු අයකු බවත් දිල්ලි සෞඛ්‍ය බලධාරීහු පවසති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දිල්ලි මහ ඇමැතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site