
උදරයේ ආබාධ තත්ත්වය යළි මතුවීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළි රෝහල්ගත කළ බවත්, ඔහුට යළිත් වරක් සැත්කමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.
බොල්සරානෝ ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. මැතිවරණ රැලියකට සහභාගී වෙමින් ජනතාව අතරට ගිය අවස්ථාවේදී, ඔහුට එදිරිවාදියකුගෙන් පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයෙන් උදරයට දරුණු තුවාල සිදුවීම හේතුවෙන් මහබඩවැලේ කොටසක් ඉවත් කිරීමට ද වෛද්‍යවරු කටයුතු කළහ. 2018 ජනාධිපතිවරණයෙන් ජය ලබද්දී, බොල්සරානෝ සිටියේ ද රෝහලේය.
එම සිදුවීමෙන් පසු විටින් විට උදරය අශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් 66 හැවිරිදි බොල්සරානෝ පීඩා විදී. පසුගිය 2021 වසරේ අවස්ථා කීපයකදී ද බොල්සරානෝ රෝහල්ගත කර සැත්කම්වලට ලක් කෙරුණි. වෛද්‍යවරුන් පැවැසුවේ යළිත් වරක් ජනාධිපතිවරයාට සැත්කමක් කිරීමට සිදුවනු ඇති බවත්, දින කීපයක් ඔහුට රෝහල්ගතවී සිටීමට සිදුවනු ඇති බවත්ය. ජනාධිපතිවරයා ඇතුළත් කෙරුණේ සාඕ පාවුලෝ නුවර විලා නෝවා රෝහලටය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඩේ ලෙඩේ වැඩිවෙලා බ්‍රසීල ජනපති රෝහලේ