කනා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ ආසියාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, චීනයේ දැඩි විරෝධය මැද තායිවානයේ තායිපේ අගනුවර බලා පැමිණියාය. 03 August 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. 02 August 2022
ඇෆ්ගන් තලේබාන් රජය අප්‍රසාදය පළ කරයි ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ. 02 August 2022
නැන්සි පෙලෝසී තායිවානයට? ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරය අතරතුර ඇය ගමන් ගන්නා ගුවන් යානය පූර්ව දැනුම් දීමකින් තොරව තායිවානයේ ගොඩ බෑමට ඉඩ ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය. 02 August 2022
අල් කයිඩා නායක සවාරි මරා දැමේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. 02 August 2022
මුදල් ගන්න පාකිස්තාන හමුදාපති මැදිහත් වෙයි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත මුදල් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා පකිස්තාන හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 01 August 2022
චාල්ස් කුමරුන්ට පවුම් මිලියනයක මුදල් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ පුණ්‍යාධාර අරමුදලට, අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති සහෝදරයන් දෙදෙනකුගෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියනයක මුදල් ආධාර ලැබී ඇති බව බ්‍රිතාන්‍යයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත අනාවරණය කර තිබේ. 01 August 2022
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගගයෝ 7 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 01 August 2022
නවසීලන්ත දේශසීමා යළි ඇරේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයන්ට වසා දැමුණු නවසීලන්ත දේශසීමා වසර දෙකකට පසු අද (1) සිට යළි විවෘත කෙරුණි. 01 August 2022
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්? ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. 01 August 2022
පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය. 01 August 2022
ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ අද (31) නේපාලයේ වේලාවෙන් උදේ 8.13 ට ය. 31 July 2022
චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 31 July 2022
රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව් ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනට කර තිබේ. 31 July 2022
පැය 24 ක් යන්න කලින් තවත් මරණයක් පළමු ‘වඳුරු උණ’ මරණය වාර්තා වී පැය 24 ක් ගතවීමට පෙර ස්පාඤ්ඤයෙන් දෙවැනි ‘වඳුරු උණ’ මරණය ද වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පැවැසීය. ඒ අනුව, මේ වනවිට අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන තිබේ. 30 July 2022
අලුතින් උණ රෝගීන් වාර්තා වීමක් නෑ මැයි මාසයෙන් පසු, උණ රෝගීන් කිසිවකු වාර්තා වී නැතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව ’උණ රෝගීන්’ ලෙස හඳුන්වා දෙන්නේ ’කොවිඩ් 19’ කොරෝනා රෝගීන්ය. 30 July 2022
ධාන්‍ය අපනයනයට යුක්රේනය යළි සූදානම් රුසියාව සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව, යළිත් වරක් ධාන්‍ය අපනයනට කිරීමට යුක්රේනය සූදානම් වෙයි. 30 July 2022
අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි අප්‍රිකාවෙන් පිට පළමු ’වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. 30 July 2022
අඟහරු මතුපිට අමුතු දෙයක් අඟහරු ග්‍රහයා මතුපිට පැටලුණු නූලක් වැනි අසාමාන්‍ය වස්තුවක් දකින්න ලැබේ. මෙම අසාමාන්‍ය වස්තුව, නාසා විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ. 29 July 2022
අගමැති වුණොත් දිගටම යුක්රේනයට සහාය දෙනවා යුක්රේනය බ්‍රිතාන්‍යයේ සමීපතම මිතුරකු බවත්, තමන් තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් දිගටම යුක්රේනයට සහාය ලබා දෙන බවත් බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිනී ලිස් ට්‍රස් පවසයි. 29 July 2022
ඇමෙරිකා-චීන ජනපති හමුවක් තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් පැවැත්විණි. 29 July 2022
ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘද සෛලවලට හානි කරනවා කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති. 29 July 2022
බයිඩන්ට දැන් සුවයි ’කොවිඩ් 19’ ආසිදාතයකු වූ ඇමෙරිකා ජනාධිපති 79 හැවිරිදි ජෝ බයිඩන් සුවය ලබා ඇති බවත්, ඔහුගේ අවසන් පීසීආර් පරීක්ෂණ වාර්තා ’නෙගටිව්’ බවත් ධවල මන්දිරය පවසයි. 28 July 2022
වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක් ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 28 July 2022
නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වෙන්නේ නෑ 2024 වසරේ දී, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියානු ’රොස්කොස්මොස්’ ආයතනය ගත් තීරණය වෙනස් කර තිබේ. 28 July 2022
පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් උතුරු දිග පිලිපීනයේ ලුසොන් දූපත කැලැඹිණි. 28 July 2022
රුසියන් සෙබළුන් 4,000 ක් මියගිහින් රුසියන් යුක්රේන යුද්ධයේ දී මියගිය රුසියන් සොල්දාදුවන් ගණන මේ වනවිට 4,000 කට වඩා වැඩි යැයි යුක්රේන හමුදාව කියයි. 27 July 2022
අභ්‍යවකාශ නැවතුම්පොළෙන් ඉවත් වෙන්න රුසියාව තීරණය කරයි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියාවේ ජාතික අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනය තීරණය කර තිබේ. 27 July 2022
යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ. මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි. 27 July 2022
විවාදය අතරතුරේ නිවේදිකාව සිහිසුන් බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) ලිස් ට්‍රස් අතරේය. 27 July 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026