
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට ඉදිරි පැය 12 ක කාලය තුළ තම පරිපාලනය ස්ථාවර කරගන්නා ලෙස ටෝරි මන්ත්‍රීවරු යට අනතුරු අඟවා තිබේ. ලිස් ට්‍රස්ට පක්ෂ කැබිනට් අමාත්‍යවරුද තත්ත්වය දරුණු බව පිළිගෙන තිබේ.
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට තම නෞකාව ආපසු හැරවීමට ඇත්තේ පැය 12 ක පමණ කාලයක් බව ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් හෝර් බී.බී.සී රේඩියෝවට පවසා ඇත.
ධුරයට පත් වී වසරක් යනතුරු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෝ වරියට එරෙහිව විශ්වාසය කඩ කළා යැයි ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි වුවත් ඊයේ රාත්‍රියේ 50 ත් 100 ත් අතර ටෝරි මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ලිස් ට්‍රස් විශ්වාසය කඩ කළ බවට ඊයේ (19) රාත්‍රියේ ලියුම් භාර දෙන්නට ඇතැයි ටෝරි මන්ත්‍රීවරු විශ්වාසය පළ කරති.
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් හට තවදුරටත් ධුරයේ කටයුතු කළ නොහැකි බව ටෝරි මන්ත්‍රීවරු 14 දෙනෙක් ප්‍රසිද්ධියේ පවසා ඇත. නමුත් ලිස් ට්‍රස් පවසා ඇත්තේ තමුන් පළා යන්නෙකු නොව සටන්කරුවෙකු බවයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd