IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සල්මාන් රුෂ්ඩිට ඇසක් අහිමි වෙයි

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, විශ්ව විද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදී, පිහි ප්‍රහාරයකට ලක් වුණු ලේඛක සල්මාන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම, මුළුමනින්ම නැතිවී ගොස් ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ ඒජන්තවරයා වන ඇන්ඩෲ වයිලී පවසා තිබේ.

ඉන්දියාවේ උපත ලැබූ බි්‍රතාන්‍ය ජාතිකයකු වන 75 හැවිරිදි රුෂ්ඩි, මුස්ලිම් ලෝකයේ උදහසට ලක් වුණු, බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙකි. රුෂ්ඩි මුස්ලිම් ලෝකයේ උදහසට ලක් වූයේ 1988 වසරේ ‘සැටනික් වර්සස්’ (සාතන්ගේ කවි) නමැති කෘත්‍රිය එළිදැක්වීම හේතුවෙනි.මෙම නවකතාව හරහා ඉස්ලාම් දහමටත්, මහම්මත්තුමාටත් අපහාසයක් සිදුවන බව මුස්ලිම් වැසියන්ගේ අදහසය.

සල්මාන් රුෂ්ඩි, පසුගිය අගෝස්තු 12 වැනිදා දරුණු ලෙස පිහි ප්‍රහාරයකට ලක් වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටිද්දීය.පිහි ප්‍රහාරය එල්ල කළේ, දේශනයට සවන් දීමට පැමිණි පිරිස අතරේ සිටි 24 හැවිරිදි හදි මටාර් නමැති නිව් ජර්සි ප්‍රාන්තයේ ෆෙයාර්විව් නගරයේ පදිංචි තරුණයෙකි.

(රොයිටර්)



අදහස් (0)

සල්මාන් රුෂ්ඩිට ඇසක් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site