බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි.
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා පාලක කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිස් ට්‍රස් අනතුරු අඟවමින් පවසාඇත්තේ, තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය මහ මැතිවරණයකට යෑමට හේතුවක් වනු ඇති බවය. මහ මැතිවරණයකට යෑමට සිදුවුවහොත්, වසර ගණනක් බලයේ සිටින කොන්සවර්ටිව් පක්ෂයට බලය අහිමි වීමට පවා ඉඩ ඇති බව ද ලිස් ට්‍රස් පෙන්වා දී ඇත.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙන් පක්ෂ නායකයා තේරීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේය.
පක්ෂ නායකත්වය සඳහා සටන් කළේ 47 හැවිරිදි ලිස් ට්‍රස් සහ 42 හැවිරිදි ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් ය. එයින් වැඩි ඡන්ද දිනා ගනිමින් ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට මෙන්ම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ද පත්වූවාය. ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට ද පත් වී දින 40 කි.
බ්‍රිතාන්‍යය මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ලිස් ට්‍රස් නව ආර්ථික පැකේජයක් හඳුන්වා දුන්නාය. ඇය මුදල් ඇමැති (චාන්සලර්) ධුරය පිරිනැමුවේ ක්වාසි වාටන්ටය. නව ආර්ථික පැකේජය හරහා දැවැන්ත ලෙස බදු කප්පාදු කිරීමට අග්‍රාමාත්‍යවරිය ගත් තීරණය බ්‍රිතාන්‍ය ආර්ථික විශේෂඥයන්ගේ පමණක් නොව, පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ද අප්‍රසාදයට හේතුවක් විය. ඒ අනුව, ක්වාසි වාටන් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ද අග්‍රාමාත්‍යවරියට සිදුවිය.
නව මුදල් අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් පත් කර ඇත්තේ ජෙරමි හන්ට් ය. ජෙරමි හන්ට් යනු රිෂී සුනාක් හිතවාදියෙකි.
(ඬේලිමේල් ඇසුරිනි)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බ්‍රිතාන්‍ය අගමැතිනිය නෙරපීමේ කුමන්ත්‍රණය ඇරැඹේ