න්‍යෂ්ටික අවිවලින් ද සන්නද්ධ පාකිස්තානය, ලෝකයේ වඩාත් අනතුරුදායක රටවලින් එකක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පාකිස්තානය සම්බන්ධයෙන් මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ඩිමොක්‍රටික් කොංග්‍රස් ප්‍රචාරක කමිටුව හමුවේ, ඇමෙරිකන් විදෙස් ප්‍රතිපත්ති ගැන සහ රුසියාව සහ චීනයේ ක්‍රියා කලාපය ගැන අදහස් දක්වද්දීය.
පාකිස්තානය න්‍යෂ්ටික අවි බලැති රාජ්‍යයක් බවත්, පාකිස්තානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සෙසු රටවල් සමඟ කිසිදු එකමුතුවකින් ක්‍රියා නොකරන බැවින්, පාකිස්තානය ලොව අනතුරුදායක රටක් ලෙස තමන් පිළිගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය, ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ගොඩ නගා ගැනීමට උත්සාහ ගනිමින් සිටින අතර, බයිඩන්ගේ මෙම ප්‍රකාශය ඊට බාධාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රම්‍රඛ රජය ඇමෙරිකාවට විරෝධය පළ කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට, පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය එරට පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති වරයා කැඳවූ බව ද පැවැසෙයි.
ඇමෙරිකන් ජනාපධිති බයිඩන්, පාකිස්තානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව තමන් දැඩි ලෙස පුදුමයට පත්වුණු බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය බිලාවෝල් සර්දාරී බුතෝ අවධාරණය කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානය අනතුරුදායක රටක් - බයිඩන්