පාකිස්තාන බස්රියක 20 ක් පණ පිටින් පිළිස්සී මරුට පාකිස්තානයේ මගී බස් රියක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය. බස් රිය ඉන්ධන බවුසරයේ ගැටී පිපිරී ගිනිගත් අතර බස්රියේ සිටි 20 දෙනකු ගින්නට හසුවී පණ පිටින් පිළිස්සුණු බව සිද්ධිය දුටුවෝ පවසති. 16 August 2022
කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’ ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම ‘ලොක්ඩවුන්’ කාල සීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. 15 August 2022
ඇමෙරිකන් ධූත පිරිසක් තායිවානයට පස් දෙනෙකුගෙන් යුත් ඇමෙරිකන් දූත පිරිසක් තායිවාන ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවී ඇමෙරිකන් තායිවාන ද්වී පාර්ශ්වික සබඳතා, කාලාපීය ආරක්ෂාව සහ වාණිජ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 August 2022
උතුරු කොරියා නායකයාට ජනපති පුටින්ගෙන් ලියුමක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ලිපියක් යවා තිබේ. 15 August 2022
පාකිස්තානයත් නිදහස් දිනය සමරයි පාකිස්තානය ද 75 වැනි නිදහස් දිනය සැමරුවේය. පාකිස්තානයේ ප්‍රධාන නගරවල සියල්ලේම පාහේ නිදහස් දින සැමරුම් උත්සව පැවැත්විණි. 15 August 2022
2047 වනවිට ඉන්දියාව සංවර්ධිත රටක් 2047 වසර වනවිට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අභියෝගය තමන් බාරගෙන ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 75 වැනි නිදහස් දින සැමරුම අමතමින් කියා සිටියේය. 15 August 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර මාර්ග බාධකයක් වෙත තම මෝටර් රථය ධාවනය කළ පුද්ගලයෙකු ඉන් පිටතට පැමිණ ඔහු සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 August 2022
ඊජිප්තුවේ දේවස්ථානයක තෙරපීමකින් 41 ක් මරුට ඊජිප්තුවේ කොප්ටික් දේවස්ථානයක දේව මෙහෙය අතරතුරේ හටගත් තෙරපීමකින් බැතිමතුන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 80 කට වැඩිය. 15 August 2022
ආමේනියාවේ ගිනිකෙළි වෙළෙඳසැලක පිපිරීමක් අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ ආමේනියාවේ, යෙරෙවාන් අගනුවර සුර්වාන් වෙළෙඳපොළේ මහා පිපිරීමක් සිදුවිය. 15 August 2022
රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියා දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක් වී බරපතළ ලෙස තුවාල ලැබූ ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ලේඛකයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. 15 August 2022
බටහිර නායකයන්ගේ අප්‍රසාදය ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිට එල්ල වූ පිහි ප්‍රහාරය හෙලා දකිමින් බ්‍රිතාන්‍යයේ වැඩ බලන අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු බටහිර රටවල රාජ්‍ය නායකයෝ අප්‍රසාදය පළ කර තිබේ. 14 August 2022
සල්මාන් රුෂ්ඩිට බරපතළයි දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 14 August 2022
සල්මන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් ඉස්ලාම් දහමට නිගරු කළ ලේඛකයකු ලෙස මරණ තර්ජන එල්ල වී සිටි, සල්මන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබුවේය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුෂ්ඩි මරණ මංචකයේ සිටින බවය. 13 August 2022
තලේබාන් ආගමික නායකයා මරා දැමේ ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ තලේබාන් ආගමික නායක ෂෙයික් රහිමුල්ලා හක්කානී ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. 12 August 2022
තමන්ගේම සල්ලි ගන්න බැංකුවට තුවක්කුවක් අරන් ගිහින් තමන්ගේ ඉතිරි කිරිමේ ගිණුමේ ඇති මුදල් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ගිනි අවියක් අතැතිව, රාජ්‍ය බැංකුවට කඩා වැදී, පැය හයකට වැඩි කාලයක් බැංකු සේවක සේවිකාවන් ප්‍රාණ ඇපයේ රඳවා ගත් ලෙබනන් ජාතිකයකු අවසානයේ පොලිසියට බාර වූ බව පැවැසෙයි. 12 August 2022
ඉන්දීය හමුදා මුරපොළකට ප්‍රහාරයක් ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා මුරපොළකට ඉස්ලාමීය බෙදුම්වාදී කැරැලිකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 11 August 2022
ප්‍රංශයේ බිහිසුණු ළැව් ගින්නක් බටහිර ප්‍රංශයේ බොඩෝව් නගරයට නුදුරින් වනාන්තරයේ බිහිසුණු ළැව් ගින්නක් පැතිර යමින් පවතින බවත්, එය නිවා දැමීමට ගිනි නිවන භටයන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් වාර්තා වේ. 11 August 2022
කිම් ජොන් උන්ටත් කොරෝනා හැදිලා උතුරු කොරියාව, පසුගිය මාස කීපයේ ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගතයෙන් බැටකද්දී, නායක කිම් ජොන් උන් ද ආසාදිතයකු වූ බව මේ වනවිට අනාවරණය වී ඇත. 11 August 2022
උතුරු කොරියාවේ කොරෝනා අවසන් උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් බවත්, එය උතුරු කොරියාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවත් එරට නායක කිම් ජොන් උන් පවසයි. 11 August 2022
හිටපු අගමැති ඉම්රාන්ගේ ආධාරකරුවකු අත්අඩංගුවට බලයෙන් නෙරපා දැමුණු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීප ආධාරකරුවකු වන ෂෙබාස් ගිල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 10 August 2022
තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 August 2022
මෝදිගේ පක්ෂයට බිහාරයේ බලය අහිමි වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ට බිහාර් ප්‍රාන්තයේ බලය අහිමි විය. 10 August 2022
මගුල් ගෙදර රණ්ඩුවක් නේපාලයේ පිටිසරබද ගම්මානයක සාම්ප්‍රදායික විවාහ මංගල උත්සවයක් අතරතුරේ මනාලයා සහ මනාලිය අතරේ සිදුවන රණ්ඩුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. 10 August 2022
ඔලිවියා නිව්ටන් ජෝන් සමුගනී හොලිවුඩ් නිළියක ලෙසත්, ග්‍රැමී සම්මානලාභී ගායිකාවක ලෙසත් ලොව කාගෝත් ආදරය දිනූ ඔලිවියා නිව්ටන් ජෝන් දිවියෙන් සමුගත්තාය. 09 August 2022
සෝල් නුවරට මහ වැසි: 7 ක් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවරට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 7 දෙනකු ජීවිතක්ෂයයට පත්ව ඇති බවත් වාර්තා වේ. අතුරුදන් වූ ගණන 6 කි. 09 August 2022
‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය රුසියන් හමුදා කඳවුරක් යුක්රේනයේ ‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය, රුසියානු හමුදා යුක්රේන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා හමුදා කඳවුරක් බවට පත් කරගෙන ඇතැයි යුක්රේනය චෝදනා කරයි. 09 August 2022
රුසියා ඇමෙරිකා න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අවලංගුයි න්‍යෂ්ටික අවි පාලනය සඳහා ඇමෙරිකාව සමඟ ඇතිකරගත් උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියාව පවසයි. 09 August 2022
පාකිස්තානයේ 549 ක් ජල ගැලීම්වලින් මරුට පාකිස්තානයට ඇද හැලෙන මෝසම් මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් 549 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි. 09 August 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026