IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජපානයට අනතුරක් වෙමින් උතුරු කොරියාව මිසයිල යවයි

උතුරු කොරියාව ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිල කීපයක් අත්හදා බැලුවේය.

උතුරු කොරියාවෙන් එල්ල වුණු එම මිසයිල, ජපානය දෙසට පැමිණෙද්දී, වහා ආරක්ෂක ස්ථාන වෙත ගොස් සැඟවෙන්නැයි ජපන් රජය සහ හමුදාව එරට වැසියන්ට අනතුරු අඟවීය.

උතුරු කොරියාව, අත්හදා බැලුවේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය. ඒවාට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි බව පැවැසෙයි. උතුරු කොරියානු හමුදාව කියා සිටියේ ඔවුන් කළ එම මිසයිල අත්හදා බැලීම ද ඉතා සාර්ථක වුණු බවය.

දූපත් සමූහයකින් සැදුම්ලත් රාජ්‍යයක් වන ජපානය පිහිටා ඇත්තේ උතුරු කොරියාවට ඉහළිනි. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් ඇරැඹූ අවස්ථාවේ ඒ ගැන විමසිල්ලෙන් පසුවුණු ජපාන හමුදාව, ජපානයේ මධ්‍යම සහ උතුරුදිග පළාත්වල දූපත් වැසියන්ට කඩිනමින් අනතුරු ඇඟවීම් කළේය. අනතුරු ඇඟවීම් කළේ මියාගි, යමගාටා සහ නිල්ගාටා පළාත්වල වැසියන්ටය. මෙම පළාත්වල දුම්රිය ගමන් බිමන් ද වහා නවතා දැමුණි.

ජපාන වැසියන්ට අනතුරක් වන ආකාරයට සිදු කළ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා උතුරු කොරියාවට සිය අප්‍රසාදය පළ කර තිබේ. උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් මිසයිල අත්හදා බැලීම කිසිසේත් සමාව දිය යුතු කරුණක් නොවන බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පසුගිය දින කීපය පුරාවට උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් සිදු කරයි. ඒ, දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ හවුලේ පවත්වන යුද අභ්‍යාසවලට විරෝධය දක්වමිනි.

උතුරු කොරියාව, අසල්වැසි දකුණු කොරියාවට තර්ජනයක් වන අයුරින් කෙටි දුර මිසයිල අත්හදා බැලීමක් කළේය. උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිල ගණන 20 කි. එක් දිනක් තුළ උතුරු කොරියාව වැඩිම මිසයිල ගණනක් අත්හදා බැලූ පළමු අවස්ථාව මෙයයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජපානයට අනතුරක් වෙමින් උතුරු කොරියාව මිසයිල යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site