IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වන්දි ඉල්ලන්න ඉම්රාන් සැරැසේ

අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රී ධුරය අහෝසි කරමින්, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන්, පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ කියා සිටියේ ජන රැලියක් අමතමිනි.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්, මේ මස මුලදී ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු කරමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළේය.

තෙවැනි පාර්ශ්වයකගේ උපදෙස් පරිදි සිකන්දර් සුල්තාන් රාජා තමාට අපහාස කරමින් මන්ත්‍රී ධුරය අහෝසි කළ බවත් මින් පසු තවත් අයෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට ඉඩ නොතබමින් සිකන්දර් සුල්තාන් රාජා හට පාඩමක් ඉගැන්වීමට තමා සුදානම් බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය.එසේම සිකන්දර් රාජා හොරුන්ගේ මිතුරෙකු බවට ඉම්රාන් ඛාන් චෝදනා කළේය.

තමාට එල්ල වී ඇති චෝදනා ඔප්පු කළහොත් තමන් කිසිම විරුද්ධතාවයක් නොදක්වා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

වන්දි ඉල්ලන්න ඉම්රාන් සැරැසේ

sujeewar Wednesday, 02 November 2022 12:27 PM

ඒවාත් ස්වාධීන යැයි කියාගන්නා කොමිසම්ද දන්නේ නැහැ. ඉම්රාන් ඛාන්ට මේ හැම ප්‍රශ්ණයක්ම ආවේ බටහිර ගැති නොවූ නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27594 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 193 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site