
අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රී ධුරය අහෝසි කරමින්, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන්, පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ කියා සිටියේ ජන රැලියක් අමතමිනි.
ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්, මේ මස මුලදී ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු කරමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළේය.
තෙවැනි පාර්ශ්වයකගේ උපදෙස් පරිදි සිකන්දර් සුල්තාන් රාජා තමාට අපහාස කරමින් මන්ත්‍රී ධුරය අහෝසි කළ බවත් මින් පසු තවත් අයෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට ඉඩ නොතබමින් සිකන්දර් සුල්තාන් රාජා හට පාඩමක් ඉගැන්වීමට තමා සුදානම් බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය.එසේම සිකන්දර් රාජා හොරුන්ගේ මිතුරෙකු බවට ඉම්රාන් ඛාන් චෝදනා කළේය.
තමාට එල්ල වී ඇති චෝදනා ඔප්පු කළහොත් තමන් කිසිම විරුද්ධතාවයක් නොදක්වා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාත් ස්වාධීන යැයි කියාගන්නා කොමිසම්ද දන්නේ නැහැ. ඉම්රාන් ඛාන්ට මේ හැම ප්‍රශ්ණයක්ම ආවේ බටහිර ගැති නොවූ නිසයි.