
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි.
ඉදිරි වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වැඩි වන බදු බර දැරීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
රජයේ වියදම් කප්පාදුවෙන් පමණක් ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය හිඟය වැසීමට නොහැකි බවත් පොදු සේවා පවත්වාගෙන යාම සඳහා සියලු බදු ගෙවන්නන් හට මේ බර දැරීමට සිදුවන බවත් ඉකුත් 29 වැනිදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් ප්‍රථම අයවැය එළඹෙන 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකය ගැන දැනුමක් තිබෙන මේ දේශපාලකයෝ එංගලන්තෙ ජනතාව විසින් පාර්ලිමේන්තු යවලා තිබෙනව. ඔවුන් අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගන්නව. එව්ට බ්‍රිත්‍යාන්‍ය පවුම වහාම ශක්තිමත් වෙනවා. අපොස උසස් පෙළ වත් සමත් නැති ආර්ථික විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති කපුටෝ පත් කරලා අපි උඩ බලන් හිටියා. යහපාලන ආණ්ඩුවෙත් මුලින්ම මුදල් ඇමති කියලා හිටියේ ලෝක හොරෙක්. පස්සේ ආවේ කරනවෑමි ඩිප්ලෝමාවක් තිබෙන කෙනෙක්. අර්ථික ආචාර්ය උපාධි සහිත පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ ජනතා ඡන්දෙන් පත්වෙලා ආණ්ඩු පක්ෂයේ හිටියට ඔවුන්ට තැනක් දුන්නේ නැහැ. රනිල් රජපක්ෂ සිරිසේන මේ සියලු දෙනාගෙම කාලෙ අපේ අට අවුරුදු 28 ක් පමණ සිට ආර්ථික වශයෙන් විනාශ කළා.
අපි වගේ රටවල සමූල ඝාතන සිදු කරලා සම්පත් සූරගෙන කාලා සංවර්ධිත රටවල් බවට පත්වෙච්ච ඒ රටවලත් අයවැය හිඟය, ණයගැති බව, බදු බර වැනි ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ තියෙන බවත් අපි අවබෝධ කරගෙන, බොරු දේශපාලන වාසි අපේක්ෂා නොකර හැමෝම එකම තැනකට ඇවිත් රටක් වශයෙන් ප්‍රශ්ණ වලට විසඳුම් සෙවිය යුතු.ු බව සියල්ලෝම අවබෝධ කර ගනිත්වා.
එහෙනම් එයත් වැඩිකල් එකක් නැහැ