IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බදු වැඩි කරන්න සුනාක් සැරැසෙයි

බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි.

ඉදිරි වසරේදී  බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වැඩි වන බදු බර දැරීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

රජයේ වියදම් කප්පාදුවෙන් පමණක් ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය හිඟය වැසීමට නොහැකි බවත් පොදු සේවා පවත්වාගෙන යාම සඳහා සියලු බදු ගෙවන්නන් හට මේ බර දැරීමට සිදුවන බවත් ඉකුත් 29 වැනිදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් ප්‍රථම අයවැය එළඹෙන 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

(රොයිටර්)



අදහස් (3)

බදු වැඩි කරන්න සුනාක් සැරැසෙයි

de silva Wednesday, 02 November 2022 01:47 AM

ආර්ථිකය ගැන දැනුමක් තිබෙන මේ දේශපාලකයෝ එංගලන්තෙ ජනතාව විසින් පාර්ලිමේන්තු යවලා තිබෙනව. ඔවුන් අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගන්නව. එව්ට බ්‍රිත්‍යාන්‍ය පවුම වහාම ශක්තිමත් වෙනවා. අපොස උසස් පෙළ වත් සමත් නැති ආර්ථික විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති කපුටෝ පත් කරලා අපි උඩ බලන් හිටියා. යහපාලන ආණ්ඩුවෙත් මුලින්ම මුදල් ඇමති කියලා හිටියේ ලෝක හොරෙක්. පස්සේ ආවේ කරනවෑමි ඩිප්ලෝමාවක් තිබෙන කෙනෙක්. අර්ථික ආචාර්ය උපාධි සහිත පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ ජනතා ඡන්දෙන් පත්වෙලා ආණ්ඩු පක්ෂයේ හිටියට ඔවුන්ට තැනක් දුන්නේ නැහැ. රනිල් රජපක්ෂ සිරිසේන මේ සියලු දෙනාගෙම කාලෙ අපේ අට අවුරුදු 28 ක් පමණ සිට ආර්ථික වශයෙන් විනාශ කළා.

:       2       7

sujeewar Wednesday, 02 November 2022 12:24 PM

අපි වගේ රටවල සමූල ඝාතන සිදු කරලා සම්පත් සූරගෙන කාලා සංවර්ධිත රටවල් බවට පත්වෙච්ච ඒ රටවලත් අයවැය හිඟය, ණයගැති බව, බදු බර වැනි ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ තියෙන බවත් අපි අවබෝධ කරගෙන, බොරු දේශපාලන වාසි අපේක්ෂා නොකර හැමෝම එකම තැනකට ඇවිත් රටක් වශයෙන් ප්‍රශ්ණ වලට විසඳුම් සෙවිය යුතු.ු බව සියල්ලෝම අවබෝධ කර ගනිත්වා.

:       0       1

chandima Wednesday, 02 November 2022 09:02 PM

එහෙනම් එයත් වැඩිකල් එකක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27592 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 193 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site