
ඉතියෝපියාවේ උතුරුදිග ටිග්‍රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියානු රජයේ හමුදා අතර පවතින යුද ගැටුම් අවසන් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
යුද ගැටුම් අවසන් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, අප්‍රිකා සංගමයේ මැදිහත් වීමෙන් ඉතියෝපියානු රජය සහ ටිග්‍රේ බෙදුම්වාදීන් අතර පැවැති සාමකතා සාර්ථක වූ නිසාය.
ඉතියෝපියානු රජයේ පාර්ශ්වය සහ බෙදුම්වාදීන් අතරේ සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ අප්‍රිකා සංගමය වෙනුවෙන් නයිජීරියානු හිටපු ජනාධිපති ඔලුසෙගොන් ඔබාසන්ජෝ මැදිහත් වී පැවැති සාකච්ඡාවලින් පසුවය.
බෙදුම්වාදීන් සමඟ සාම සාකච්ඡා ඇරැඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද් පවසා තිබේ.
ටි්‍රගේ බෙදුම්වාදීන් අවි බිම තැබීමට කැමැත්ත පළ කළේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමට ඉතියෝපියානු රජය තීරණය කළ බැවින් යැයි ද විදෙස් මාෂ්‍ය පවසයි. ඒ අනුව, අවනීතිය රජ කළ ටිග්‍රේ පළාතේ නීතිය හා සාමය සුරැකීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතියෝපියානු රජය පවසා ඇත.
ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2020 නොවැම්බරයේය. ගැටුම් ඇවිලී ගියේ ටිග්‍රේ බෙදුම්වාදීන් සහ ඉතියෝලියානු රජයේ හමුදාව අතරේය. සටන්වලදී ඉතියෝපියා රජයේ හමුදාවට අසල්වැසි රටවල සහාය හිමිවිය. එරිත්‍රියානු හමුදාවේ ද සහාය හිමිවිය.
එරිත්‍රියාව යනු අතීතයේ ඉතියෝපියාවට අයත් කොටසකි. එරිත්‍රියාව, ඉතියෝපියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ දශක ගණනක් තිස්සේ පැවැති බෙදුම්වාදී අරගලයකින් පසුවය. ටි්‍රගේ බෙදුම්වාදීන්ගේ ද ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය අවසන් වන ලකුණු