
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුවී ඇති බවත්, දකුණු පාදයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ල වී තිබුණු බවත් ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛදවරු පවසති.
වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඉම්රාන් ඛාන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කළේ ලාහෝර් නුවර ශුක්කාත් ඛානුම් රෝහලේදීය.
ඉම්රාන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් බිදුණු පාදයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දි ඇති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.
ටික කාලයක් ඉම්රාන්ට ගමන් බිමන් යෑමට සිදුවනු ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් යැයි ද වෛද්‍යවරුන් පවසා තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වීමට පෙර, තමන් ඝාතනයට පාකිස්තාන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කුමන්ත්‍රණය කරනවා යැයි දැනගන්න ලැබුණු බව ද ඉම්රාන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd