IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිල්ලියේ වාතය විෂවෙලා

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය, අනතුරුදායක මට්ටමත් පසු කරමින් ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අනතුරු අඟවති.
වාතය දූෂණය වී, එය විෂ වන්නේ, වායු දූෂක සංඝටක පී.එම්. 2.5 ක අගයක් ඇති විටය.

මේ වනවිට නවදිල්ලි අගනුවර ඇතැම් ස්ථානවල වායු දූෂක සංඝටක පී.එම්. 500 ක සීමාව පසු කර තිබේ. වායු දත්ත දර්ශකය පෙන්වා දෙන ආකාරයට, නවදිල්ලි අගනුවර වායු දූෂණය පවතින්නේ ඉතා අනතුරුදායක මට්ටමකය.

වායු දූෂණය හේතුවෙන් එළිමහනේ රැදී නොසිටින්නැයි දිල්ලි බලධාරීහු නවදිල්ලි වැසියන්ගෙන් ඉල්ලා ඇත. කම්කරුවන්ට එළිමහනේ රාජකාරි නොකරන ලෙසත්, කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසත් දිල්ලි බලධාරීන් වැඩි දුරටත් උපදෙස් දී තිබේ. නිවසින් පිටවන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

නවදිල්ලි අගනුවර වායු දූෂණය මෙසේ ඉවහවා ගියේ පසුගිය දා දීපවාලි සැමරුමින් පසුවය. වායු දූෂණය හේතුවෙන් නගරයේ ගිනිකෙළි දැල්වීම තහනම් කර තිබුණු නමුත්, නවදිල්ලි වැසියන් අලුයම් කාලයේ ගිනිකෙළි දැල්වූ බව පොලිසිය පවසයි. ඊට අමතරව, නවදිල්ලි අගනුවරට ඔබ්බෙන් වගාබිම් සකස් කිරීමේ දී කුඹුරු ගිනි තැබීම ද වායු දූෂණය ඉහවහා යෑමට තවත් හේතුවක් වී තිබේ.

නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉහවහා යෑම සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත රජය වගකිවයුතු යැයි මධ්‍යම රජය චෝදනා නගා ඇත. දිල්ලි ප්‍රාන්තයේ බලය ඇත්තේ ‘ආම් ආද්මී’ පක්ෂයටය. දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ ආම් ආද්මී පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල්ය.

වායු දූෂණය හැකිතාක් අවම කර ගැනීමේ අරමුණින් සැහැල්ලු මෝටර් සහිත ඩීසල් වාහන තහනම් කිරීමට දිල්ලි රජය තීරණය කර තිබේ. ට්‍රක් රථවලට නවදිල්ලි අගනුවරට ඇතුළුවීම තහනම් කර තිබේ. නගරයේ ඉදිකිරීම් වැඩ තාවකාලිනක නවතා දමා ඇත.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (1)

දිල්ලියේ වාතය විෂවෙලා

වාතය විෂ Friday, 04 November 2022 02:55 PM

හ්ම්, මෙට්‍රොවල යන්න බැහැ.. ඕක තමයි ප්‍රශ්නෙ... සෞඛ්‍ය සේවාවලින් යම් පියවරක් ගන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site