‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුර තමන් බාර ගන්නා බව, එම සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියන 44 කට මිලදී ගත් ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
‘ට්විටර්’ සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව, එම සමාගමේ විධායක නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් නෙරපීමට ඉලොන් මස්ක් කටයුතු කළේය.
ප්‍රධාන විධායක නිලධාරී තනතුර හෙබවූ පරාග් අග්‍රවාල් ද ඒ අතර විය. ඉවත් කළ විධායක නිලධාරීන් හට ඇමෙරිකානු ඩොලර් මිලියන 187 ක මුදලක් ද වන්දි ලෙස ගෙවීමට මස්ක් ට සිදුවිය.
‘ට්විටර්’ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තාවකාලිකව විසුරුවා හරින බවත්, තමන් ට්විටර් සමාගමේ එකම අධ්‍යක්ෂකවරයා බවත් මස්ක් පැහැදිලි කර තිබේ.
මස්ක්, ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රැඳී සිටීමට බලාපොරොත්තු වන කාලය පිළිබඳ මෙතෙක් නිවේදනය කර නැත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්විටර් විධායක ධුරය ඉලොන් මස්ක්ට