යුක්රේන යුද්ධය ලේසියෙන් අවසන් වෙන්නේ නෑ යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය අත්හැරියත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් නොවනු නැතැයි එරට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් පවසයි. 28 August 2022
පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ජල ගැලීම් හේතුවෙන් පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජල ගැලීම් හේතුවෙන් 1,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත්, මිලියන 30 කට උන්හිටිතැන් ඇහිමි වී ඇති බවත් පැවැසෙයි. 28 August 2022
උතුරු කොරියාවට යනවා ෆ්‍රැන්සිස් පාප්තුමෝ කියති ඇරැයුමක් ලැබුණොත් උතුරු කොරියාවට යෑමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමා පවසා ඇත. පාප්තුමන් මෙසේ පවසා ඇත්තේ දකුණු කොරියානු කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 27 August 2022
නව අගමැති පත් කරන්නේ මහ රැජින බ්‍රිතාන්‍යයේ නව අගමැති පත් කිරීම, සාම්ප්‍රදායික අයුරින්, දෙවැනි එලිසබත් මහ රැජින අතින් සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 27 August 2022
රුසියාවේ එකම ගගනගාමිනිය උඩ යන්න සූදානම් රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ක්‍රියාකාරී එකම කාන්තා ගගනගාමියා වන ඇනා කිකිනා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට සූදානම් වෙයි. 27 August 2022
ට්‍රම්ප්ගේ මන්දිරයෙන් රහස් ලියවිලි හමුවෙලා එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි ‘මා අ ලාගෝ’ මන්දිරය සෝදිසි කළ අවස්ථාවේදී, ‘යුක්තියට බාධා’ වන ආකාරයේ ලියකියවිලි රැසක් සොයා ගෙන ඇතැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2022
මගේ පවුලේ අයට පිිහිට වෙන්න හැකියාවක් නෑ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ජීවත් වන ඥාතීන් බොහෝ දෙනකු කුසගින්නේ පසුවන බවත්, ඔවුන්ට පිහිට වීමට නොහැකිව තමන් අසරණ වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි. 27 August 2022
යුරෝපයේ වඳුරු උණ ව්‍යාප්තියේ අඩුවක් යුරෝපයේ වඳුරු උණ (මන්කි පොක්ස්) වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 26 August 2022
උතුරු කොරියානුවන් අතරේ යළිත් උණක් උතුරු කොරියානුවන් අතරේ යළිත් වරක් උණ රෝගයක් පැතිර යමිනස් පවතින බව වාර්තා වේ. එම උණ වසංගතය හේතුවෙන් නගර සහ පළාත් රැසක් ‘ලොක්ඩවුන්’ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය. 26 August 2022
අඟහරු වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඞ් හමුවේ අඟහරු ග්‍රහයාගේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයඩ් ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. නාසා විද්‍යාඥයෝ මේ බව අනාවරණය කරගෙන ඇත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙනි. පෘථිවියෙන් එපිට ග්රහලොවකින් කාබන් ඩයොක්සයිඩ් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. 26 August 2022
ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය දෙයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව පළමු වරට රුසියාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි. පසුගිය 24 වැනිදා වනවිට රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත විය. 26 August 2022
වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදිලා ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2022
බයිඩන් ශිෂ්‍ය ණය කපයි වාර්ෂික අදායම ඇමෙරිකන් ඩොලර් 125000 ට අඩු ශිෂ්‍යයන් ඉගෙනීම සඳහා ලබා ගෙන ඇති ශිෂ්‍ය ණය කපා හැරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ රජය සැලසුම් කර තිබේ. 25 August 2022
ජිල් බයිඩන්ට ආයෙත් කොරෝනා ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගෙන තිබේ. 71 හැවිරිදි ජිල් බයිඩන් ට පළමු වරට ‘කොවිඩ් 19’ ආසාදනය වූයේ පසුගිය අගෝස්තු 15 වැනිදාය. ඉන්පසු ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ ධවල මන්දිරයේ නිරෝධායනයට ලක්වූවාය. 25 August 2022
යුක්රේන දුම්රිය ස්ථානයකට රුසියාවෙන් රොකට් ප්‍රහාරයක් යුක්රේනයේ නැගෙනහිර දෙසින් පිහිටි චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට රුසියන් රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළු විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 25 August 2022
බෙලරූස් ජනපතිගේ සුබ පැතුම විහිළුවක් යුක්රේනයේ නිදහස් දිනය නිමිත්තෙන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ නිකුත් කළ සුබ පැතුම ‘විහිළුවක්’ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 25 August 2022
යුක්රේනයට බිලියන 3 ක හමුදා ආධාර ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක නව යුද ආධාර යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. 25 August 2022
අගමැති ජොන්සන් යුක්රේනයේ යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණු අතර, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙර දැනුම් දීමක් නොකර, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 25 August 2022
තායිලන්ත අගමැතිගේ ධුරය අත්හිටුවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24) තීරණය කළේය. 24 August 2022
ක්‍රිමියා අර්ධද්වීපය යළි අත්පත් කර ගන්නවා ක්‍රිමියා අර්ධද්වීපය කෙසේ හෝ යළි අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රතිඥාවක් දුන්නේය. 24 August 2022
ෆින්ලන්ත අගමැතිනියට බටහිර කාන්තාවන්ගේ සහාය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් මුල්කොට ගනිමින් අර්බුදයකට මුහුණ දී සිටින ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන්ට බටහිර රටවල කාන්තාවන්ගේ සහාය පළ වී ඇත. 24 August 2022
යුක්රේනය නිදහස් දිනය සමරයි යුද ගැටුම් මැද යුක්රේනය අද (24) සිය නිදහස් දිනය සමරයි. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. යුක්රේනය නිදහස් දිනය ලෙස සලකන්නේ සෝවියට් පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වූ දිනයයි. යුක්රේනය සෝවියට් පාලනයෙන් මිදුණේ 1991 අගෝස්තු 24 වැනිදාය. 24 August 2022
යුරෝපා රටවල දරුණු නියඟයක් යුරෝපා මහද්වීපයේ රටවලින් තුනෙන් එකක් දරුණු නියඟයකට මුහුණ දෙමින් සිටින බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ‘ගෝලීය නියඟ නිරීක්ෂණාගාරයේ’ විද්‍යාඥයන්ය. 24 August 2022
ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය භාවිතා කරලා නෑ ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන් මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොමැති බව සිදු කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත. මත්ද්‍රව්‍ය ලබා ගත්තා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට අගමැතනිය යොමු වූයේ පසුගිය සිකුරාදා (19) දිනයේය. ඒ ඇගේ කැමැත්තට අනුවය. 23 August 2022
රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත. 23 August 2022
දර්යා දුගීනා ඝාතනය කළේ යුක්රේනය ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන උපදේශක ලෙස සැලකෙන ඇලෙක්සැන්දර් දුගින්ගේ 29 හැවිරිදි දියණිය දර්යා දුගීනා ඝාතනය කළේ යුක්රේනය යැයි රුසියන් රජය චෝදනා කරයි. 23 August 2022
කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක් වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. 23 August 2022
රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සය මසක් ගත වූවත් තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. 22 August 2022
ඇමෙරිකාව දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් එක් වී වාර්ෂිකව පවත්වන යුද අභ්‍යාසය ආරම්භ විය. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව ආරම්භ කළ විශාලතම යුද අභ්‍යාසය මෙය බවය. 22 August 2022
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය උත්සාහ ගනිමින් සිටිනවා යැයි ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය චෝදනා කරයි. 22 August 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026