
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය.
38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය.
මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත.
උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයකි. ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට පනවා ඇති සම්බාධක නිසාය.
මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට බටහිර මාධ්‍ය අනුමාන කර ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීතෘ-දුහිතෘ සදාතනික ඇල්මේ, බැල්මේ, සෙනහසේ, ආදරයේ, අකලංක දිගහැරුම... අපේ නායකයෝ නං පේන දුර මෙි ටික යන්නත් විදේශ විනිමය නාස්ති කරයි. ජනතා න්‍යාය පත්‍ර දෙඋර මත තබා ගත් සොදුරු පරමාදර්ශී නායකයෝ....
මොකද්ද දන්නේ නැහැ ජනතා න්‍යාය පත්‍රය.මේ වගේ පාහර මිනීමරු පිස්සන් අගයන අමනයෝ ඉන්නේ මේ රටේ විතරයි .ලෝක්වක් නසන්නට මෙවන් විනාශකාරී දේ හදන මන්ද බුද්ධිකයන් විනාශ වේවා