
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපතිවරයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සුනාක් කීව් අගනුවරට ගියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය.
රුසියන් ප්‍රහාර හමුවේ, දිගින් දිගටම යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය සුනාක්, යුක්රේන ජනාධිපතිවරයා හමුවේ ප්‍රතිඥා දුන්නේය. යුක්රේන ජනාධිපතිවරයා සුනාක් පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි.
සාකච්ඡාවලින් පසු පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. හමුදා ආධාර පැකේජයක් ද ඊට ඇතුළත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd