
ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉරාන ජාතික මෙහෙරාන් නසේරි හෘදයාබාධයකින් මියගියේය.
නසේරි මියගියේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුවය.
මෙහෙරාන් නසේරි, පළමුවෙන් චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ 1988 දීය. ඒ ඉරානයෙන් පිටුහල් කිරීමෙන් පසුවය. නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොවුණු බැවින්, 1988 වසරේ සිට නසේරිගේ නිවහන වූයේ ගුවන්තොටුපොළය.
2006 වසරේදී සරණාගත වාසස්ථානයක් වෙත නසේරි පිටව ගොස් ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මෑත කාලයේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිළු එහි පදිංචි වූ බවය. නසේරි ඊයේ (13) හෘදයාබාධයකට ලක්වීමෙන් ගුවන්තොටුපොළ පර්යන්තයේම අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. මියයන විට මෙහෙරාන් නසේරි 77 වෙනි වියේ පසුවිය.
ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් නළු ටොම් හෑන්ස්ක් ප්‍රධාන චරිතය පණ පොවන 'ද ටර්මිනල්' චිත්‍රපටයට පාදක වී ඇත්තේ මෙහෙරාන් නසේරිගේ චරිතයයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන ජාතිකයින් ගැන ලොකු රුදාවක් තියෙන ප්‍රංශය වගේ රටක ඇයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ...?