
ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉරාන ජාතික මෙහෙරාන් නසේරි හෘදයාබාධයකින් මියගියේය.
නසේරි මියගියේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුවය.
මෙහෙරාන් නසේරි, පළමුවෙන් චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ 1988 දීය. ඒ ඉරානයෙන් පිටුහල් කිරීමෙන් පසුවය. නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොවුණු බැවින්, 1988 වසරේ සිට නසේරිගේ නිවහන වූයේ ගුවන්තොටුපොළය.
2006 වසරේදී සරණාගත වාසස්ථානයක් වෙත නසේරි පිටව ගොස් ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මෑත කාලයේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිළු එහි පදිංචි වූ බවය. නසේරි ඊයේ (13) හෘදයාබාධයකට ලක්වීමෙන් ගුවන්තොටුපොළ පර්යන්තයේම අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. මියයන විට මෙහෙරාන් නසේරි 77 වෙනි වියේ පසුවිය.
ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් නළු ටොම් හෑන්ස්ක් ප්‍රධාන චරිතය පණ පොවන 'ද ටර්මිනල්' චිත්‍රපටයට පාදක වී ඇත්තේ මෙහෙරාන් නසේරිගේ චරිතයයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි
ganegoda Monday, 14 November 2022 01:26 PM
ඉරාන ජාතිකයින් ගැන ලොකු රුදාවක් තියෙන ප්‍රංශය වගේ රටක ඇයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ...?