IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දීය පෞද්ගලික සමාගමක් රොකට්ටුවක් උඩුගුවනට යවයි

ඉන්දියාවේ, ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ නමැති පෞද්ගලික සමාගම සාර්ථකව රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ අද (18) උදෑසන 11.30 ටය.

‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගම උඩු ගුවනට යැවීම කළේ ‘වික්‍රම් එස්’ නමැති රොකට්ටුවය. ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගමට රොකට්ුව නිපදවීමට සිවු වසරක් ගත වුණු බව ද පැවැසෙයි.

රොකට්ටුව ගුවන්ගත කිරීමේ දී ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගම ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගත්තේය. ඒ අනුව, රොකට්ටුව ගුවන්ගත කිරීම, චෙන්නායි නුවර සිට කිලෝ මීටර් 115 ක් දුරින් පිහිටා ඇති ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.

ඉදිරි අභ්‍යවකාශ කටයුතුවලදී පෞද්ගලික සමාගම් ද හවුල් කර ගැනීමට ‘ඉන්දීය අභ්‍යවකාශ ආයතනය’ ද බලාපොරොත්තු වෙයි. එහි පළමු පියවර ලෙස ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගමේ ‘වික්‍රම් එස්’ රොකට්ටුව ගුවන්ගත කිරීම බව ‘ඉන්දීය අභ්‍යවකාශ ආයතනය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘වික්‍රම් එස්’ රොකට්ටුව, චන්ද්‍රිකා තුනක් ද පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරියේය. ඒවා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ‘එන්. ස්පේස් ටෙක් ඉන්දියා’, චෙන්නායි නුවර කේන්ද්‍රකොටගත් ‘ස්පේස් කිඞ්ස්’ සහ ඇමෙරිකාවේ ‘බාසූම් කියු’ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ චන්ද්‍රිකා තුනකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය පෞද්ගලික සමාගමක් රොකට්ටුවක් උඩුගුවනට යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site