
ඉන්දියාවේ, ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ නමැති පෞද්ගලික සමාගම සාර්ථකව රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ අද (18) උදෑසන 11.30 ටය.
‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගම උඩු ගුවනට යැවීම කළේ ‘වික්‍රම් එස්’ නමැති රොකට්ටුවය. ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගමට රොකට්ුව නිපදවීමට සිවු වසරක් ගත වුණු බව ද පැවැසෙයි.
රොකට්ටුව ගුවන්ගත කිරීමේ දී ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගම ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගත්තේය. ඒ අනුව, රොකට්ටුව ගුවන්ගත කිරීම, චෙන්නායි නුවර සිට කිලෝ මීටර් 115 ක් දුරින් පිහිටා ඇති ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.
ඉදිරි අභ්‍යවකාශ කටයුතුවලදී පෞද්ගලික සමාගම් ද හවුල් කර ගැනීමට ‘ඉන්දීය අභ්‍යවකාශ ආයතනය’ ද බලාපොරොත්තු වෙයි. එහි පළමු පියවර ලෙස ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ සමාගමේ ‘වික්‍රම් එස්’ රොකට්ටුව ගුවන්ගත කිරීම බව ‘ඉන්දීය අභ්‍යවකාශ ආයතනය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘වික්‍රම් එස්’ රොකට්ටුව, චන්ද්‍රිකා තුනක් ද පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරියේය. ඒවා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ‘එන්. ස්පේස් ටෙක් ඉන්දියා’, චෙන්නායි නුවර කේන්ද්‍රකොටගත් ‘ස්පේස් කිඞ්ස්’ සහ ඇමෙරිකාවේ ‘බාසූම් කියු’ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ චන්ද්‍රිකා තුනකි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd