
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට තෙවැනි වරටත් 'කොවිඩ් 19' ආසාදනය වී ඇතැයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය දා ඊජිප්තුවේ පැවැති 'කොප්27' දේශගුණික විපර්යාස සමුළුවට ෂෙහ්බාස් ෂරීෆ් ද සහභාගී විය. සමුළුවෙන් පසු යළි පාකිස්තානයට නොපැමිණි අග්‍රාමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගියේය.
71 ෂෙහ්බාස් ෂරීෆ්, හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය. නවාස් ෂරීෆ් පදිංචිව සිටින්නේ ලන්ඩනයේය. ෂෙහ්බාස් ෂරීෆ්, නවාස් ෂරීෆ් හමුවී යළි පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමෙන් පසු, ඔහු 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී අග්‍රාමාත්‍යවරයා ආසාදිතයකු බව තහවුරු විය.
ෂෙහ්බාස් ෂරීෆ්, මීට පෙර මෙම වසරේ ජනවාරියේත් ඊට පෙර 2020 ජූනි මාසයේත් 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස හඳුනා ගත් බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈවරයි, දෑවරයි තුන් ඈවරයි... වෙඩි තියලා දාන්න...!