රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දුන්නේය.
මිසයිල ප්‍රහාරය සමග රුසියානු - යුක්රේන යුද්ධය නේටෝ සංවිධානයේ රටවලටද පැතිර යාමේ බියක් හට ගෙන ඇතැයි පෝලන්ත මාධ්‍ය සඳහන් කළේය.
යුක්රේනයට මාසයක කාලයකදී එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ මෙම මිසයිලය පෝලන්තයේ ගම්මානයකට එල්ල වූ බවට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කරන බව පෝලන්ත මාධ්‍ය පැවසුවේය.
යුක්රේනය සාම සාකච්ඡා වලට පැමිණීමට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුසියාව මිසයිල 85 යුක්රේනයට එල්ල කළේය.
කෙසේ නමුත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර තමන් පෝලන්තයට මිසයිල එල්ල නොකළ බව පැවසුවේය.
පෝලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මිසයිලය එල්ල වීමත් සමග තම හමුදා සුදානමින් තබන බවත් නේටෝ සංවිධානයේ හතර වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් නේටෝ සංවිධානයේ රැස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බවත් පෝලන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.
පෝලන්ත මාධ්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ඡායාරූප නිකුත් කළත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
034
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්