කාම්බෝජයේ පැවැත්වෙන 'ආසියාන්' හෙවත් අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍ය නායක සමුළුවේදී සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට වැරදීමක් සිදුවිය.
'ආසියාන්' සමුළුව වාර්ෂිකව පැවැත්වෙන්නේ ආසියානු රටක ය. මෙවර, සමුළුව පැවැත්වෙන්නේ කාම්බෝජයේ ය.
පෙරේදා (12) පැවැත්වුණු සමුළුවට ඇමෙරිකා ජනාධිපතිවරයා ද 'ආසියාන්' සමුළුවට එක් විය.
'ආසියාන්' සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටිද්දී, සමුළුව පැවැත්වෙන සත්කාරක රටට ස්තුති කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.
කෙසේ නමුත් ජනාධිපති බයිඩන් ස්තුති කළේ කාම්බෝජයට නොව කොලොම්බියාවටය.
'මා කොලොම්බියා අග්‍රාමාත්‍යවරයාට ස්තුති කරනවා මෙවර ආසියාන් සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන්' යැයි බයිඩන් පැවැසුවේය. ඒ, කාම්බෝජය සහ කොලොම්බියාව පැටළීමෙනි. කොලොමිබියාව යනු ලතින් ඇමෙරිකා කලාපීය රාජ්‍යයකි.
එම අවස්ථාවේ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාට නුදුරින් අසුන් ගෙන සිටියේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ... ඇමෙරිකාවට ගිය කල...!