කාම්බෝජයේ පැවැත්වෙන 'ආසියාන්' හෙවත් අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍ය නායක සමුළුවේදී සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට වැරදීමක් සිදුවිය.
'ආසියාන්' සමුළුව වාර්ෂිකව පැවැත්වෙන්නේ ආසියානු රටක ය. මෙවර, සමුළුව පැවැත්වෙන්නේ කාම්බෝජයේ ය.
පෙරේදා (12) පැවැත්වුණු සමුළුවට ඇමෙරිකා ජනාධිපතිවරයා ද 'ආසියාන්' සමුළුවට එක් විය.
'ආසියාන්' සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටිද්දී, සමුළුව පැවැත්වෙන සත්කාරක රටට ස්තුති කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.
කෙසේ නමුත් ජනාධිපති බයිඩන් ස්තුති කළේ කාම්බෝජයට නොව කොලොම්බියාවටය.
'මා කොලොම්බියා අග්‍රාමාත්‍යවරයාට ස්තුති කරනවා මෙවර ආසියාන් සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන්' යැයි බයිඩන් පැවැසුවේය. ඒ, කාම්බෝජය සහ කොලොම්බියාව පැටළීමෙනි. කොලොමිබියාව යනු ලතින් ඇමෙරිකා කලාපීය රාජ්‍යයකි.
එම අවස්ථාවේ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාට නුදුරින් අසුන් ගෙන සිටියේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ට වැරදිලා: කොලොම්බියාවට ස්තුති කරලා
ganegoda Sunday, 13 November 2022 08:04 PM
අහෝ... ඇමෙරිකාවට ගිය කල...!