IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් යුක්රේන සටන් විරාමයක් ඉල්ලයි

ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුරදී රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් අවශ්‍ය බව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටීනෝ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලෝක පාපන්දු තරඟාවලිය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීම සඳහා අවස්ථාවක් කර ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුවේ රාජ්‍ය නායකයන් සමග පැවති දිවා භෝජන සංග්‍රහයකදී ජියානි ඉන්ෆැන්ටීනෝ මෙම ඉල්ලීම සිදු කර ඇත.

කටාර් හි එළඹෙන ඉරිදා ආරම්භ වන ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සාමය සඳහා විශේෂ වේදිකාවක් සපයන බව ඉන්ෆැන්ටීනෝ එහිදී ප්‍රකාශ කර තිබේ.

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන මාසයක කාලය තුළ තාවකාලික සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් එහිදී සාමය සඳහා පළමු පියවර තබන ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් ඉන්ෆැන්ටීනෝ ‘ජී20’ සමුළුවේ රාජ්‍ය නායකයන් හමුවේ පවසා ඇත.

(රොයිටර්)

 



අදහස් (0)

රුසියන් යුක්රේන සටන් විරාමයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site