ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි.
දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බව ද පැවැසෙයි. ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වසර 11 ක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, චීනය දෙවැනි ස්ථානයට පත් කරමිණි.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි