
ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අසල මූදටය.
‘උතුරු කොරියාව යළිත් වරක් අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීමක් කළා. මිසයිලය පතිත වූයේ හොකයිඩෝ දූපතට ඔබ්බෙන් මුහුදයි.’ යැයි මිසයිල අත්හදා බැලීම හෙලා දකිමින් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
මිසයිල අත්හා බැලීමෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.
මිසයිලය පතිත වී ඇත්තේ හොකයිඩෝ දූපතේ බටහිර දෙසින් පිහිටි මුහුදු කලාපයටය. ජපානය දූපත් සමූහයකින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි. හොකයිඩෝ යනු එම දූපත් අතරින් දෙවැනියට විශාලතම දූපතය. ජපානයේ වෙළෙඳ කටයුතු සිදුවන්නේ මෙම මුහුදු කලාපය කේන්ද්‍රකොට ගනිමිනි.
දින දෙකක් ඇතුළත උතුරු කොරියාව ජපානයට තර්ජනයක් වන ආකාරයට සිදු කළ දෙවැනි දිගු දුර මිසයිල අත්හදා බැලීම මෙය යැයි පැවැසෙයි.
‘අපි උතුරු කොරියාවට අපේ දැඩි විරෝධය පළ කරනවා. උතුරු කොරියාව අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීම් වහා නවත්වන්න ඕනෑ’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ජපානයට තර්ජනයක් වන ආකාරයට, උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි දකුණු කොරියාව සහ ඇමෙරිකාව ද විශේෂ ප්‍රකාශ නිකුත් කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා