
ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය යළි තමන් සතු කර ගැනීමට ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු සමත් වී සිටිති. ඒ, තියුණු සටනකින් පසු, මධ්‍ය ධුර මැතිවරණයේදී වැඩි ආසන 8 ක් දිනා ගැනීමට ඔවුන් සමත් වුණු බැවිනි.
ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ නායක කෙවින් මැකාර්ති, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කතා නායක ධුරයට තේරී පත් වනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. ඒ අනුව, ඩිමොක්‍රටික් කතා නායිකා නැන්සි පෙලෝසි ට කතා නායක ධුරය අහිමි වෙයි. නැන්සි පෙලෝසි, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාව ලෙස තේරී පත් වූයේ 2019 වසරේදීය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන්වරුන් අතට පත් වීම ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ජෝ බයිඩන්ට අවාසියක් වනු ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2024 වසරේය. මෙම මධ්‍ය ධුර මැතිවරණය ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙස සැලකෙයි. 2024 ජනාධිපතිවරණයට තමන් යළි ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් තවමත් හරිහැටි තීරණයක් ගෙන නැත. බයිඩන් පවසා ඇත්තේ තම තීරණය තමන් ලබන 2023 ජනවාරියේ ප්‍රකාශ කරන බවය.
මේ අතර, තමන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ. බයිඩන්ට පෙර ට්‍රම්ප් ජනාධිපති ධුරය හෙබවීය. ඒ, එක් ධුර කාලටක් සඳහා පමණි. ඒ අනුව, යළි ජනපති ධුරය වෙනුවෙන් තරග වැදීමට ට්‍රම්ප්ට ඇමෙරිකන් ව්‍යස්ථාවෙන් අවස්ථාව හිමිවෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රිපබ්ලිකන්වරුන්ට