
නිසි ලෙස හිජාබය නොපැලඳ සිටියේ යැයි චෝදනා කරමින්, පොලිස් අත්අඩංගුවට ගත් මාෂා අමීනි නමැති ඉරාන කුර්දිස්තාන තරුණිය මිය ගිය දිනයේ සිට මේ දක්වා, ඒ සම්බන්ධයෙන් ඉරාන රජයට විරෝධය පළ කරමින්, පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට යෑමේදී අවම වශයෙන් පුද්ගලයන් 326 දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ අතින් ඝාතනය වී ඇතැයි විදේශ රටවල පිහිටුවා ඇති ඉරාන මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි.
මියගිය අය අතර ළමුන් 43 දෙනකු සහ කාන්තාවන් 25 දෙනෙකු සිටින බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත. පසුගිය නොවැම්බර් 5 සිට මේ දක්වා පුද්ගලයන් 22 දෙදෙනෙකු මියගොස් ඇතැයි එම සංවිධානය පැහැදිලි කර තිබේ.
පුද්ගලයන් 326 දෙනාගෙන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා ඉරාන ආරක්ෂක අංශ විරෝධතාවයක් පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන්ට සිදු කළ වෙඩි තැබීමේදී බව ද ඉරාන මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
326 දෙනෙකු ආරක්ෂක අංශ අතින් මැරිලා