
නිසි ලෙස හිජාබය නොපැලඳ සිටියේ යැයි චෝදනා කරමින්, පොලිස් අත්අඩංගුවට ගත් මාෂා අමීනි නමැති ඉරාන කුර්දිස්තාන තරුණිය මිය ගිය දිනයේ සිට මේ දක්වා, ඒ සම්බන්ධයෙන් ඉරාන රජයට විරෝධය පළ කරමින්, පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට යෑමේදී අවම වශයෙන් පුද්ගලයන් 326 දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ අතින් ඝාතනය වී ඇතැයි විදේශ රටවල පිහිටුවා ඇති ඉරාන මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි.
මියගිය අය අතර ළමුන් 43 දෙනකු සහ කාන්තාවන් 25 දෙනෙකු සිටින බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත. පසුගිය නොවැම්බර් 5 සිට මේ දක්වා පුද්ගලයන් 22 දෙදෙනෙකු මියගොස් ඇතැයි එම සංවිධානය පැහැදිලි කර තිබේ.
පුද්ගලයන් 326 දෙනාගෙන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා ඉරාන ආරක්ෂක අංශ විරෝධතාවයක් පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන්ට සිදු කළ වෙඩි තැබීමේදී බව ද ඉරාන මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd