
හොංකොං නායක ජොන් ලී ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ජොන් ලී ආසාදිතයකු බව තහවුරු වූයේ ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව හෙවත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වී ආපසු පැමිණීමෙන් පසුවය.
‘ඇපෙක්’ සමුළුව පැවැත්වූයේ තායිලන්තයේ බැංකොක් නුවරය. සමුළුවේදී නායක ජොන් ලී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් ද පැවැත්විණි.
ආපසු හොංකොං බලා පැමිණීමෙන් පසු නායක ජොන් ලී ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වුණු බැවින්, වෛද්‍ය උපදෙස් අනුව ඔහු නිවසට වී නිරෝධානයේ පසුවන බව හොංකොං රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. නායක ජොන් ලී නිවසේ සිට රාජකාරි සිදු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd