IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය. ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි.

රියුෂන් දුම්රිය සමාගම මෙම දුම්රිය ධාවනය කර තිබේ.දුම්රිය මැදිරි 100 ක් මෙම දුම්රියේ තිබී ඇති අතර එය දිගින් කිලෝ මීටර 1.9 කි.දුම්රිය ධාවනය කර ඇත්තේ 2008 වසරේ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර ඇති උමං මාර්ග 22 ක් සහ පාලම් 48 කින් සමන්විත ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දුම්රිය මාර්ගයකය.

ස්විස් දුම්රිය සේවයට වසර 175 ක් පිරීම මතකයේ රැඳෙන අයුරින් සැමරීම සඳහා ලොව දිගම මගී දුම්රිය ධාවනය කළ බව රියුෂන් දුම්රිය සමාගම පැවසුවේය.



අදහස් (0)

ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site