
ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුවට තමන් සහභාගී නොවන බව පැවැසූ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම තීරණය වෙනස් කර ඇත.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මීට පෙර පවසා තිබුණේ බ්‍රිතාන්‍ය ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බැවින්, මේ අවස්ථාවේ කිසිදු ජාත්‍යන්තර සමුළුවකට සහභාගී නොවන බවය. ඒ අනුව, හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන බව ප්‍රකාශ කළේය.
සමුළුවට සහභාගී නොවීමට රිෂි සුනාක් ගත් තීරණය පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ ඔහුගේ සගයින්ගේත් බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතුවක් විය. ඒ අනුව, සුනාක් සිය තීරණය වෙනස් කිරීමට කටයුතු කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd