
ආර්ථිකමය වශයෙන් පාකිස්තානය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය නොකඩවා ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත.
චීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ, චීනයේ බෙයිජීං අගනුවරදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවෙමිනි.
පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, පසුගිය කාලයේ මහා ජල ගැලීමකට ද මුහුණ දුන්නේය. එය පාකිස්තාන වැසියන් කබලෙන් ලිපට ඇද දැමීමක් විය.
පසුගිය අප්‍රේල් මාසයේ, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් චීනයේ සංචාරයකට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd