IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ

තෙරපීමක් සිදුවී 133 දෙනකු මියගිය, ඉන්දුනීසියාවේ මලංග් නගරයේ කංජුරුහාන් පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමීමට තීරණය කළ බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ හමුවුණු අවස්ථාවේදීය. හමුව පැවැත්වූයේ ජකර්තා අගනුවරදීය.

මලංග් පාපන්දු ක්‍රීඩාංගනය, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රමිතීන්වලට අනුව ඉදි කර නැති බව, තෙරපීම සම්බන්ධයෙන් පැවැත්වුණු විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

ඒ අනුව, ක්‍රීඩංගනය කඩා දමා එය නිසි පරිදි යළි ඉදි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති විඩෝඩෝ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ හමුවේ පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ඉන්දුනීසියාව බලා ගියේ, තෙරපීම සිදුවුණු අයුරු සම්බන්ධයෙන් පැවැති විමර්ශන කටයුතු ගැන සොයා බැලීමටය.

පසුගිය ඔක්තෝබර් දෙවැනි දා මලංග් නගරය නියෝජනය කරන ‘අරේමා මලංග්’ පාපන්දු කණ්ඩායම සහ ආගන්තුක ‘පර්සේබයා සුරාබායා’ කණ්ඩායම අතර තරගය කංජුරුහාන් ක්‍රීඩංගනයේ පැවැත්විණි.

ඒ, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් යටතේය. නරඹන්නන් 38,000 කට පමණක් ඉඩකඩ ඇති කංජුරුහාන් ක්‍රීඩංගනයට රැස්ව සිටි පිරිස 42,000 කට වැඩි වූ බවත්, ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් වී තිබුණු බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

‘අරේමා මලංග්’ කණ්ඩායම පරාජයට පත් වූ අවස්ථාවේදී, ‘අරේමා මලංග්’ ක්‍රීඩා ලෝලීන් කලහකාරීව හැසිරෙමින්, පාපන්දු ක්‍රීඩකයන්ට සහ විනිසුරුවරුන්ට පහර දෙන්න විය. දේපොල හානි සිදු කරන්න විය. තෙරපීම හටගත්තේ කලහකාරීව හැසිරුණු එම ක්‍රීඩා ලෝලීන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට යෑමේදීය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site