IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා

ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වෙයි.

ප්‍රවාහන සේවකයන්, උසස් පාසල් ආචාර්යවරුන්, රජයේ රෝහල් සේවකයන් වැඩ වර්ජන සහ විරෝධතාවලට එක් වීමිටින බැවින් ප්‍රංශයේ පැරිස් අගනුවර ද ඇතුළු ප්‍රධාන නගර රැසක දෛනික කටයුතු අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශයේ උද්ධමනය සියයට 6.2 කින් ඉහළ ගොස් ඇත. ප්‍රංශයේ උද්ධමනය මෙසේ ඉහළ ගියේ දශක ගණනාවකට පසුව යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ප්‍රංශයේ ද උද්ධමනය ඉහළ යෑමට හේතුවක් වූයේ ‘කොවිඩ් 19’ වසංගතයයි.

ඊට අමතරව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, රටේ ඉන්ධන මිල සහ ආහාර මිල ඉහළ ගොස් තිබේ. විරෝධතා සහ වැඩ වර්ජනවලට ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ තෙල් පිරිහදු සේවකයන් ද එක් වී සිටින බැවින්, ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දකින්න ලැබේ.

ප්‍රංශයේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති සියල්ල විරෝධතා සහ වැඩවර්ජන සඳහා එක් වී සිටින බව පැවැසෙයි. පසුගිය දින කීපයේ ප්‍රංශයේ නන්දෙසින් විරෝධතා පා ගමන් ආරම්භ විය.

මේ වනවිට විරෝධතාකරුවන් සියලු දෙනා පැරිස් අගනුවරට රැස්වී සිටින්නේ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජයට විරෝධය පළ කරමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site