IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


යළි අගමැති වෙන්න බොරිස් ජොන්සන් සූදානමින්

බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ලිස් ට්‍රස් තීරණය කිරීමත් සමඟ පක්ෂයේ නායකත්වය වෙනුවෙන් සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් පැවැත්වෙන සටනට තමන් ද ඉදිරිපත් වන බව හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂ නායකයාටය. බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. බොරිස් ජොන්සන්ට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ, ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආකාරය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වූ බැවිනි.

දිගින් දිගටම පක්ෂය අභ්‍යන්තරයෙන් අප්‍රසාදය ගොඩනැගෙද්දී, ජොන්සන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ අතර, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. ඒ අනුව, පසුගිය සැප්තැම්බරයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් අපේක්ෂකයකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම් පක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

එහිදී අවසන් අපේක්ෂකයන් දෙදෙනා වූයේ 47 හැවිරිදි ලිස් ට්‍රස් සහ 42 හැවිරිදි රිෂී සුනාක්ය. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමැති (චාන්සලර්) ධුරය හෙබවූයේ සුනාක් ය. අවසන් වටයේ ඡන්ද විමසුමෙන් රිෂී සුනාක් අභිබවා යෑමට ලිස් ට්‍රස් සමත් වූ අතර ඇයට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හිමිවිය.

ලිස් ට්‍රස්ගේ ඉවත් වීමත් සමඟ පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම ඉදිරි දින කීපය ඇතුළත සිදුවනු ඇත. හිටපු අග්‍රාමාත්‍ය 58 හැවිරිදි බොරිස් ජොන්සන්, රිෂී සුනාක් පමණක් නොව, නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායිකා ධුරය හොබවන පෙනී මෝර්ඩන් ද පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වනු ඇතැයි පැවැසෙයි.

ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළේ දින 45 ක් පමණි. ඒ අනුව බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තිය වන්නේ ලිස් ට්‍රස් ය.

ලිස් ට්‍රස්, තමන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වන බව නිවේදනය කළේ අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට මාධ්‍ය හමුවක් කැඳවමිනි.

තමන් හඳුන්වා දීමට උත්සාහ ගත් නව ආර්ථික ප්‍රතිපත්ති රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ඇද දැමූ බවත්, පක්ෂ නායිකාව වීමට තමන්ට සහාය දුන් සහෝදර කොන්සවර්ටිව් පාක්ෂිකයන්, අග්‍රාමාත්‍යවරිය වීමෙන් පසු තමන්ට නිසි ලෙස සහාය ලබා නොදුන් බවත් එම මාධ්‍ය හමුවේ දී ලිස් ට්‍රස් පෙන්වා දුන්නාය. මේ වනවිට ලිස් ට්‍රස් මුල්කොට ගනිමින් ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ බෙදීමක් හටගෙන තිබේ.

‘කොන්සවර්ටිව්’ පක්ෂය 2024 තෙක් බලය තිබේ. 2024 දී බ්‍රිතාන්‍යය යළි මහ මැතිවරණයකට යා යුතුව ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ ‘කම්කරු’ පක්ෂයයි. කම්කරු පක්ෂය පවසා ඇත්තේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයට ආණ්ඩු පිහිටුවීමට නොහැකි බවත්, 2024 තෙක් නොසිට මහ මැතිවරණයකට ගොස් ජනතා මතය විමසා බැලිය යුතු බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

යළි අගමැති වෙන්න බොරිස් ජොන්සන් සූදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28007 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 659 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site