IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


තායිවානයට පහර දෙන්න චීනයට අයිතියක් තියෙනවා

ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අමතමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය පැවැත්වෙන්නේ බෙයිජීං අගනුවර මහජන ශාලාවේය.

තායිවානය චීනයට සාමකාමීව එකතු කර ගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා නමුත්, අවශ්‍ය වුවහොත් බලය භාවිත කිරීමට පසුබට නොවන බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය. තායිවාන දූපත චීනයට අයිති කොටසක් ලෙස චීනය පිළිගන්නා අතර ලෝකයේ බොහෝ රටවල් තායිවානය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගැනීමක් ලබා දී නොමැත.
චීන හමුදා ශක්තිය වැඩි කරමින්,චීන හමුදාව ලෝකයේ ප්‍රමුඛ පෙළේ හමුදාවක් බවට පත් කිරීමට තමන් පියවර ගන්නා බවත්, හමුදා භටයින් පුහුණු කිරීමේ කටයුතු ඉහළ දමන බවත් චීන ජනාධිපති ජින්පින් ජාතික කොංග්‍රසය අවධාරණය කළේය.

ලෝකයේ ප්‍රධාන පෙළේ හමුදාවක් වීම සඳහා චීන මහජන විමුක්ති හමුදාව දී වේගවත් විය යුතු බවත් නව උපාය මාර්ග හඳුන්වා දිය යුතු බවත්  ෂී ජින්පින් පැවසුවේය. බොහෝ ජනතාව මෙවර සමුළුවේදී කොවිඞ් මර්දන නීති ලිහිල් වන්නේ ද යන්න පිළිබඳ අවධානයෙන් සිටි අතර මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බැවින් කොවිඞ් මර්දන ප්‍රතිපත්ති කිසිසේත් ලිහිල් නොකරන බව ෂී ජින්පින් ප්‍රකාශ කළේය. 

මාඕ සේතුංගෙන් පසු බිහි වූ ප්‍රබලතම චීන නායකයා වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව පැවැසෙන චීන ජනාධිපති ෂී ජින්පින් තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය දැරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ලබන මාර්තු මස පැවැත්වෙන චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසියේදී ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ජනාධිපති ධුර කාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, තමන් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රකාශයට පිළිතුරු දීමට තායිවානය පියවර ගෙන තිබේ. මිලියන 23.5 තායිවාන ජනතාවගෙන් බහුතරය කිසිම විටකත් චීනයේ එක රටක් පාලන දෙකක් ප්‍රතිපත්තිය කිසිම විටකත් පිළිනොගන්නා බවත් තායිවානය ස්වෛරීත්වය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කිසිම විටකත් පසුබට නොවන බව තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

තායිවානයට පහර දෙන්න චීනයට අයිතියක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28070 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 660 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site