
ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත.
පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තිරිඟු අස්වැන්න එරට තුළ පහළ ගොස් තිබීම තිරිගු පිටි මිල ඉහළ යෑමට එක් ප්‍රධාන හේතුවක් බව පැවැසෙයි.
මේ වනවිට ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබාදී ඇති බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මෙය තහනම තාවකාලික බව ද ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අපනයන තහනම පැනවීමට පෙර ඉන්දියාව ටොන් මිලියන 10 ක් අපනයනය කිරීමටයි සැළසුම් කර තිබුණු බව ද මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
(ඉන්දීය පුවත් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තහනම අපට බලපාන්නේ නැහැ.අර කේරල ගැන කට්ටියට කිවුවානම් එන ගමන් පිටි මිටි දෙකකුත් දාගෙන එන්න කියලා.දවසට ට්‍රිප් තුනක් හතරක් උනත් ගහයි