
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම් කිරීමට එස්තෝනියානු පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
එස්තෝනියානු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 101 දෙනකුගෙන් සමන්විත වන අතර රුසියාව සම්බන්ධයෙන් ගත් තීරණයේ දී රුසියාවට ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කිරීමේ මන්ත්‍රීවරු 88 ක් ඡන්දය ලබා දුන්නේය.
එස්තෝනියාව යනු උතුරු යුරෝපයට අයත් කුඩා රාජ්‍යයකි. ෆින්ලන්ත බොක්කට සහ බෝල්ටික් මුහුදට මායිම්ව පිහිටා තිබේ. අද රුසියානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළත් එස්තෝනියාව අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවට පැනගත්තා ඇමරිකානු දේශපාලන සරණාගතයින් ඇමරිකාව ගැන කියන්නෙත් ඔය ටිකමනේ