IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉතාලියේ අගමැති ධුරය පළමු වරට කාන්තාවකට

ඉතාලියේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා මෙලෝනී සහ ඇගේ කැබිනට් මණ්ඩලය පෙරේදා (22) දිවුරුම් දුන්නේය.

මෙලෝනී නායකත්වය දෙන්නේ ඉතාලියේ ‘ජාතික සහෝදරත්වය’ පක්ෂයටය. ‘ජාතික සහෝදරත්වය’ දක්ෂිණාංශික පක්ෂයක් වන අතර, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දක්ෂිණාංශික කැබිනට් මණ්ඩලයකට රටේ බලය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.

ඉතාලි මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය මාසයේය. එම මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ජෝර්ජියා මෙලෝනී සහ ඇගේ ‘ජාතික සහෝදරත්වය’ සමත් විය. ‘ජාතික සහෝදරත්වය’ මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘ෆෝර්සා ඉටැලියා’ සහ ‘ලීග්’ යන දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි.

‘ෆෝර්සා ඉටැලියා’ පක්ෂයට නායකත්වය දෙන්නේ ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන සිල්වියෝ බර්ලුස්කෝනීය. ‘ලීග්’ දේශපාලන පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මැටියෝ සල්වීනි ය.

‘තමන් අවංක ජනතා සේවයක් වෙනුවෙන් කැපවී කටයුතු කරනවා’ යැයි දිවුරුම් දෙමින් 45 හැවිරිදි ජෝර්ජියා මෙලෝනී පැවැසුවාය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු රජයක් පිහිටුවන්නැයි මෙලෝනී ට ඇරැයුම් කළේ ඉතාලි ජනාපධිති සර්ගියෝ මැටරෙල්ලාය. ඒ අනුව, රජයක් පිහිටුවීමේ වගකීම මෙලෝනී බාර ගත්තාය. ඇගේ දිවුරුම්දීම සිදුවූයේ ජනාධිපතිවරයා ඉදිරියේය.

මීට පෙර, ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ මාරියෝ ඩ්‍රාගී ය. යුරෝපා මහ බැංකුවේ හිටපු ප්‍රධානියා ද වූ මාරියෝ ඩ්‍රාගී සහ ඔහුගේ එක්සත් පෙරමුණ රජය අභියෝග රැසකට මුහුණ දුන්නේය. එම අභියෝග හේතුවෙන් රජය ජනතා අප්‍රසාදයට ද පත් විය.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අතර, රුසියන් යුක්රේන යුද්ධය තව තවත් ඉතාලි වැසියන් පීඩාවට පත් කරන්න විය. මේ වනවිට ඉතාලිය දරුණු ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙයි.

මෙම සියලු අර්බුදවලට මුහුණ දීමට නව අග්‍රාමාත්‍යවරිය මෙලෝනී සහ ඇගේ නව රජයට ද සිදුවෙයි. තම රජය යටතේ ඉතාලියේ සහාය යුක්රේනයට නොඅඩුව ලැබෙනු ඇතැයි මෙලෝනී පවසා තිබේ.

කෙසේ නමුත් මෙලෝනීට සහාය දක්වමින් ඇය හා සන්ධානගතවී සිටින හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනී විවෘතව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරන අයෙකි.

රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිල්වියෝ බර්ලුස්කෝනී ප්‍රසිද්ධියේ යුක්රේන රජයට දොස් වගා ඇත. රුසියනව් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ගේ සමීපතම මිතුරකු බවත්, අවස්ථා ගණනාවකධී ඔහු තමන්ට ත්‍යාග වශයෙන් වොඩ්කා බෝතල් එවූ බවත් ලිපි හුවමාරු කරගත් බවත් සිල්වියෝ බර්ලුස්කෝනී ප්‍රසිද්ධියේ පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉතාලියේ අගමැති ධුරය පළමු වරට කාන්තාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site