
පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණ ජය ගනිමින්, පාර්ලිමේන්තුවේ ආසන අටකින් හයක් දිනා ගැනීමට ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සමත්විය.
ලැබූ එම ජයග්‍රහණය සමරමින්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් පවසා ඇත්තේ, පැවැත්වුණු එම අතුරු මැතිවරණ තමන්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැති ජනමත විමසුමක් ලෙස සලකන බවය.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයකින්, අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීම සිදු කළේ පසුගිය අප්‍රේල් මාසයේය.
“තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය අඩපණ කිරීමටත් දුර්වල කිරීමටත් බලයේ සිටින දේශපාලන කණ්ඩායම් උත්සාහ ගනිමින් සිටින බව පෙනෙනවා. ඒත් මා හිතන්නේ නැහැ ඒක කළ හැකි බව. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ජනප්‍රියත්වය අඩු වී නැති බවත්, ජනතාව පක්ෂය කෙරෙහි විශ්වාසයකින් පසුවන බවත් පැහැදිලියි” යැයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ, ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.
පාකිස්තානය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය චෝදනා කර ඇත්තේ, එම අර්බුදවලට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බවය.
පසුගිය කාලයේ අධික මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානය මහා ජල ගැලීමකට මුහුණ දුන්නේය. රටෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවිය. තවමත් ලක්ෂ ගණනක් පාකිස්තාන වැසියෝ එම ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත් වී සිටිති. ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීම රජයට ගැටලුවක් වී ඇතැයි පැවැසෙයි.
(රොයිටර්/එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු අගමැති ඉම්රාන්ට අතුරු මැතිවරණවලින් වාසි