
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ ඉබෝලා වයිරස බියක් හටගෙන තිබේ. මේ වනවිටත් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක් ලොක්ඩවුන් කරමින් රෝගීවූවන් සොයා ගැනීම සහ ඔවුන් නිරෝධායනයට යොමු කිරීම ඇරැඹී ඇත.
දින 21 ක් යන තුරු මුබෙන්ඩේ සහ කසාන්ඩා යන දිස්ත්‍රික්ක ලොක්ඩවුන් කරන බව උගන්ඩා ජනාධිපති යව්රි මුසවේනී ජනතාව අමතමින් පැහැදිලි කර තිබේ. ඒ අනුව, එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ද පනවා ඇත.
පසුගිය සැප්තැම්බර් විසිවනදා සිට මේ දක්වා ඉබෝලා වයිරසය හේතුවෙන් උගන්ඩාවේ 19 දෙනෙකු මියගොස්, 58 දෙනෙකු රෝගී වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd