
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කෙංග්‍රස් පක්ෂයේ නව නායකයා ලෙස 80 හැවිරිදි මල්ලිකර්ජුන් කාර්ගේ තෝරා පත් කර ගැනීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර ඇත.
මල්ලිකර්ජුන් කාර්ගේ කොංග්‍රස් පක්ෂ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කොංග්‍රස් පක්ෂ රජය යටතේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැති පක්ෂ සාමාජකයකුට හිමිවුණේ වසර 24 කට පසුවය. මල්ලිකර්ජුන් කාර්ගේ දාලිත් කුලයේ සාමාජිකයෙකි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට දාලිත් සාමාජිකයකු පත් කරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මල්ලිකර්ජුන් කාර්ගේ පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වය හොබවමින් සිටි සෝනියා ගාන්ධි එම ධුරයෙන් ඉවත් වෙයි. සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වය දරන්න වූයේ සුදුස්සකු ඒ සඳහා පත් කරගන්නා තුරුය.
සෝනියා ගාන්ධිගේ පුතු රාහුල් ගාන්ධි ද පක්ෂ නායකත්වය හෙබවූ නමුත්, පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය ලැබූ මැතිවරණ පරාජයත් සමඟ ඔහු ද පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කළේය. රාහුල් ගාන්ධි, කොංග්‍රස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාය.
පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය පිටපිට ලැබූ මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින්, කෙංග්‍රස් පක්ෂයට නව නායකයකු අවශ්‍ය යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් ද හඬක් නැගුණි. කෙසේ නමුත්, ගාන්ධි පවුලෙන් පිට සාමාජිකයකුට පක්ෂ නායකත්වය ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ බොහෝ දෙනෙක් අදිමදි කරන්න වූහ.
කෙසේ නමුත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය දිනෙන් දින ශක්තිමත් වීමත් සමඟ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් පක්ෂය නව දේශපාලන ගමනකට අවතීර්ණ විය යුතු බවත් පක්ෂ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ බවත් පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය කොංග්‍රසයට නව නායකයෙක්