IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පක්ෂ නායකත්ව සටනින් සුනාක්-ජොන්සන් ඉදිරියට

බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනේදී හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව මාධ්‍යන්‍ වාර්තා පෙන්වා දෙයි.

රිෂී සුනාක් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙනි. රිෂී සුනාක් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යටතේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ මනාප යම් අපේක්ෂකයකුට හිමිවන්නේ නම්, එම අපේක්ෂකයාට සෘජුව පක්ෂ නායකත්වය හිමිවෙයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. 2024 වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු බලයේ සිටීමට ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අවස්ථාව උදා වී ඇත.

ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික රිෂී සුනාක්, ඉදිරියෙන් පසුවන්නේ ඔහුට මන්ත්‍රීවරුන් 122 දෙනකුගේ සහාය හිමිවී ඇති බැවිනි. ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ සියලු සාමාජිකයන් ගණන 357 කි. හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලැබී ඇත්තේ මන්ත්‍රීවරුන් 53 දෙනකුගේ සහාය පමණි.

අපේක්ෂකයන් කිසිවකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ සහාය හිමි නොවුණහොත්, පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වෙනු ඇත. ඊට පක්ෂයේ සියලු සාමාජිකයෝ සහභාගී වෙති.

බ්‍රිතාන්‍ය දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වූයේ ලිස් ට්‍රස්, පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු බැවිනි. ලිස් ට්‍රස් ඉල්ලා අස්වූයේ පක්ෂ සාමාජිකයන්ගේ සහාය අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී තමන්ට නොලැබුණු බව පැහැදිලි කරමිනි. ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටියේ දින 45 ක් පමණි.

(බීබීසී)



අදහස් (0)

පක්ෂ නායකත්ව සටනින් සුනාක්-ජොන්සන් ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27993 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 659 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site